සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1657

සංඝය

නා. එකතුව ; සමූහය.

සංඝයා

1. නා. භික්ෂූන් වහන්සේ ; භික්ෂු සමූහයා.
2. සමූහය ; පිරිස.

සංඝර්ෂය

නා. ගැටීම ; හැළහැප්පීම.

සංඝාට

නා.ප්‍ර. යුග්මය ; යුගලය ; සඟළ.

සංඝාතනය

නා. නැසීම ; වැනසීම ; විනාශය.

සංඝාදිසේස

නා.ප්‍ර. භික්ෂූන් සඳහා දේශිත ආපත්ති විශේෂයක්.

සංඝානුස්මෘති භාවනා

නා.ප්‍ර. සංඝයා වහන්සේලාගේ ගුණ මෙනෙහි කරමින් කරන භාවනාව.

සංඝාරාමය

නා. සංඝයා වහන්සේලාට අයත් අරම ; ආවාසය.

සංඝාවලිය

නා. සංඝ සමූහය ; සංඝ පරම්පරාව.

සංඝාවාසය

නා. භික්ෂූන් වාසය කරන විහාරස්ථානය.

සංචක

නා.ප්‍ර. සියුම් පැළෑටි විශේෂයක් ; පුස්.

සංචය

1. නා. රැස්වීම; එකතුවීම ; සමූහය.
2. එකතුව ; ගොඩ ; රාශිය.
3. රැස් වූ හෝ රැස් කළ ස්ථානය ; ගබඩාව.
4. ගබඩා කළ දේ.

සංචය ජනිත

වි. පුස් ආදියෙන් හටගන්නා.

සංචය පරීක්ෂාව

(පාරිභා.) නා. කැටි වීම හෝ කැටි කිරීම පිළිබඳ පිරික්සුම.

සංචය බැංකුව

(පාරිභා.) නා. විශේෂ අවස්ථාවල දී ප්‍රතිපාදන සඳහා මුදල් රැස් කොට ඇති බැංකුව.

සංචය ලක්ෂ්‍යය

(පාරිභා.) නා. එක් රැස්වීමේ ලක්ෂ්‍යය ; රාශිභූත වීමේ ලක්ෂ්‍යය.

සංචයන

1. වි. එකතු වන රාශීභූත වන ; එක්රැස් කරන.
2. එකතුවීමෙන් ඇති වන.

සංචයන හෘද් අකරණිය

(පාරිභා.) නා. ලේ රැස්වීමෙන් සිදු වන හෘදය ආබාධය.

සංචර

(පාරිභා.) වි. ඇවිදීමේ ශක්තිය ඇති ; ගමන් කළ හැකි.

සංචර උපාංගය

(පාරිභා.) නා. ගමන් කිරීමට සමත් උප අවයවය.

සංචරණ

1. වි. එහා මෙහා යන ; හැසිරෙන ; සංචාරය කරන.
2. පණිවිඩ එහා මෙහා ගෙන යන.

සංචරණ කීටයා

(පාරිභා.) නා. කීට අවස්ථාවෙහි සිටින මැස්සා.

සංචරණ ස්ථාන

නා.ප්‍ර. හැසිරෙන තැන ; සක්මන් කරන තැන.

සංචරණය

1. නා. හැසිරීම ; ඇවිදීම ; සැරිසැරීම.
2. එහා මෙහා ගෙනයෑම.
3. සතුන්ගේ හෝ ශාකවල භෞතික වස්තුවල වැඩි වැඩියෙන් සංක්‍රමණය ; තැනින් තැන යෑම.