සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1656

සංගේදම

නා. කැරැල්ල ; යුද්ධය.

සංගෝත්‍රය

(පාරිභා.) නා. ඥාති සම්බන්ධතා සහිත (සත්ව හෝ ශාක) කණ්ඩායම.

සංගෝපක

(පාරිභා.) වි. පරිසරය අනුව බාහිර සමානතාවක් පෙන්වන.

සංගෝපිත

වි. හොඳින් ආරක්ෂා කරන ලද ; මනාව රක්නා ලද.

සංගෝල ග්‍රන්ථිය

(පාරිභා.) නා. ගෝලාකාර මස් ගුළියක් වැනි වසා ග්‍රන්ථියක්.

සංඝ දක්ෂිණාව

නා. සඟ සතු කොට පිදූ දානය ; සඟුන් සන්තක කළ දන ; සංඝගත දක්ෂිණාව.

සංඝ භේදය

නා. සඟුන් භේදකරවීම ; සංඝයා බිඳීයෑම.

සංඝ රත්නය

නා. උත්තම වූ බෞද්ධ භික්ෂු පිරිස ; මහ සඟරුවන ; රත්නයක් වන සංඝ සමූහය.

සංඝ සභාව

නා. සංඝයා වහන්සේලාගේ රැස්වීම ; භික්ෂු එකතුව.

සංඝටක

(පාරිභා.) වි. 1. පද්ධතියක කොටසක් වූ ; සංයුක්ත කොටස් වූ.
2. එකට බැඳී සම්බන්ධ වූ ; එකට පවත්නා.

සංඝටකය

නා. සංයුක්ත කොටස ; අවයවය ; අංගය.

සංඝටන

(පාරිභා.) වි. එකට සම්බන්ධ වන ; එකට බැඳී පවත්නා.

සංඝටය

(පාරිභා.) නා. යුක්ත වූව ; සම්බන්ධ වූව.

සංඝට්ටක

(පාරිභා.) නා.ප්‍ර. කශේරුකා එකිනෙක අතර පිහිටි කාටිලේජවලින් සෑදුණු මොළොක් කොට්ට වැනි කොටස්.

සංඝට්ටනය

(පාරිභා.) නා. 1. එකිනෙක හැපීම ; ගැටීම ; වැදීම ; අන්‍යෝන්‍ය වශයෙන් බලපාන්නට වීම.
2. ඇතිල්ලීම ; ඝර්ෂණය.
3. ගැළපීම ; සංවිධානය වීම.

සංඝට්ටිත

වි. එකිනෙක ගටන ලද ; මනා ලෙස ගැටුණු ; තද ගැටීමෙන් ඇති වූ.

සංඝට්ටිත භංගය

(පාරිභා.) නා. ගැටීමෙන් ඇති වූ ඇට බිඳීයෑම.

සංඝටිත

1. වි. ගැළපුණු ; ගළපන ලද ; යුක්ත ; සමන්විත වූ.
2. (පාරිභා.) එකට බැඳී සිටි ; එකට සම්බන්ධ වූ.

සංඝතෙර

නා.ප්‍ර. භික්ෂූන් කණ්ඩායමක ඉතා ම ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේ.

සංඝන

(පාරිභා.) වි. එකට තද වූ ; ඝන වූ.

සංඝනකය

නා. සංඝන කරන උපකරණය ; ඝනීකාරකය ; කන්ඩෙන්සරය.

සංඝනනය

(පාරිභා.) නා. ඝන බවට පත් කිරීම හෝ වීම ; ඝනීකරණය ; ඝනීභවනය.

සංඝනීකරණය

(පාරිභා.) නා. ඝන බවට පත් කිරීම.

සංඝනීකාරකය

(පාරිභා.) නා. සංඝනනය කරන මෙවලම ; වාෂ්පයක් ද්‍රවයකට පත් කරන උපකරණය.