සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1711
සමන්දරු
1. නා.ප්‍ර. ස්වාමි දරුවා ; සම්දරුවා.
2. රජු වෙනුවෙන් පෙනී සිටින අධිපතියා.
සමන්නනවා
1. ක්‍රි. පරීක්ෂා කරනවා ; සෝදිසි කරනවා.
2. ඒකරාශි කරනවා ; අතපත ගානවා.
3. ඔප මට්ටම් කරනවා.
4. පුරුද්දනවා.
5. සමතලා කරනවා.
සමන්නාගත
වි. යුක්ත වූ ; සමුපේත ; සහිත වූ.
සමන්නාහාරය
නා. සැලකීම ; කල්පනාව.
සමන්නේසනාව
නා. පරීක්ෂාව ; විමසීම.
සමන්වේෂණය
නා. මනා ව සඳහන් කිරීම ; මනා ව ඉදිරිපත් කිරීම.
සමන්යාස
(පාරිභා.) වි. සමාන ඉලෙක්ට්‍රෝනික ව්‍යූහවලින් යුක්ත අණුවලින් සෑදුණු.
සමනා
වි. යුක්ත වූ ; සමන්නාගත.
සමනුගාහණය
නා. ප්‍රකාශ කළ දෙයක් නැවත නැවත අනුමත කරවීම.
සමපංචභුජය
(පාරිභා.) නා. එකම වෘත්තයක ස්පර්ශ වූ දිගින් සමාන වූ පැති පහක් ඇති රූපය.
සමපක්ෂ
වි. අග්රස්ථ පත්‍රිකාවක් නැති සංයුක්ත පක්ෂවත් පත්‍රයක් පිළිබඳ වූ.
සමපක්ෂ්මීය
(පාරිභා.) වි. ශරීරයේ සෑම තැන ම සමාන දිගෙන් යුත් පක්ෂ්ම තිබෙන.
සමපත්තියම
නා. ආහාරපාන ක්‍රමවත් ව දිරවීම හෝ සම ව ඇඟට පත්තියම් වීම.
සමපරිණත
වි. එක්වර මේරූ ; එක විට පරිණත වූ.
සමපරිණතිය
නා. මලක රේණු සහ කලංක එක විට මේරීම.
සමපරිපුෂ්ප
නා.ප්‍ර. පෙති සහ මණිපත්‍ර වෙන් කළ නොහැකි පුෂ්ප ; දල ශ්‍රේණි දෙක එක සමාන පුෂ්ප.
සමපරිමා
වි. පරිමාවේ වෙනසක් නොවී සිදුවන.
සමපරිමා වක්‍රය
නා. පරිමාව නියතව තබාගෙන මනින ලද රාශි සම්බන්ධ කර ඇඳි වක්‍රය.
සමපවන
(පාරිභා.) නා. මඳ පවන.
සමප්පිත
1. වි. තෘප්ත ; සෑහීමකට පත්.
2. මනාසේ පිහිටා ඇති.
සමප්ලාස්මය
නා. ලේ, වසා සහ කිරි යන ද්‍රව්‍යවල සමාන වූ ද්‍රව කොටස.
සමප්රභවතාව
(පාරිභා.) නා. (උද්භි.) පොදු පෙළපතකින් යුක්ත බව ; සමජාත බව.
සමප්රවෘත්ත
වි. සමාන නොහොත් මධ්‍යස්ථ පැවතුම් ඇති.
සමප්රාවරිත
(පාරිභා.) වි. සිනිඳු ප්‍රාවර රේඛාවකින් යුක්ත.