සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1748
සවුභාග්ය යෝගය
නා. සෞභාග්යය උදා කරන ග්රහ යෝගය ; නක්ෂත්රයේ සත්විසි නැකැත්වලට හිමි යෝග විසිහතෙන් එකක්.
සවුම
වි. සෞම්ය ; මෘදු ; මොළොක්.
නා.ප්ර. සෞම්ය දිශාව ; උතුරුදිග.
සවුම දිග
නා. උතුරු දිග ; අට දිශාවලින් එකක්.
සවුමය
නා. ඉස්ලාම් ධර්මයේ එන උසස් ආගමික ව්රතයක් වන නෝම්බි ඇල්ලීම.
සවුර
වි. ශුර ; දක්ෂ ; සමත්.
සවුරඟ
වි. අංග හතරකින් යුත් ; චතුරංග.
සවුලකම්
නා.ප්ර. චාටු කථාව ; වාචාලකම ; දොඩමලුකම ; අප්රිය කථාව.
සවුලයා
නා. වාචාලයා ; චාටුකාරයා.
සවුවත්තිය
(කථා.) නා. 1. ස්වස්තිය ; ශුභ සිද්ධිය ; යහපත.
2. සියලු සම්පත්තිය ; කෙනෙකු සතු සමස්ත ධනය.
සවුහාල්
නා.ප්ර. තාල වර්ගයට අයත් සවු ගසේ බඩය තලා ලබාගන්නා පිටියෙන් හෝ මඤ්ඤොක්කා ආදි වෙනත් පිටියකින් සපයා ගන්නා කුඩා ඇට වර්ගය.
සවෘන්ත
(පාරිභා.) වි. නැට්ටක් හෙවත් දණ්ඩක් සහිත.
සවෘන්ත පත්ර
(පාරිභා.) නා.ප්ර. නැට්ට සහිත කොළ.
සවේර
වි. වෛර සහිත ; වෛරය ඇති.
සවෛරි භාවය
නා. ස්වාධීනත්වය ; නිදහස ; නිවහල් භාවය ; පරම අධිපතිභාවය.
සශංක
වි. සැක ඇති ; සංශය සහිත.
සශ්රම
වි. ශ්රමය සහිත ; වෙහෙසකර ; මහන්සි.
සශ්රීක
වි. ශ්රී සහිත ; සමෘද්ධිමත් ; සරු ; සෞභාග්යවත්.
සශ්රීකත්වය
නා. ශ්රී සහිත බව ; සෞභාග්යවත් බව ; සරුබව.
සශේෂ
වි. ශේෂ සහිත ; ඉතිරියක් ඇති.
සස
1. නා.ප්ර. හාවා ; සාවා.
2. මුව විශේෂයක්.
3. සත්ය වචනය ; සබවස.
4. චතුරාර්ය සත්ය ධර්මය.
5. සස්ය ; ධාන්ය.
6. සාහසික බව.
වි. ප්රශස්ත ; උසස්.
සසංක
නා.ප්ර. සාවකුගේ සලකුණ ඇත්තා ; චන්ද්රයා.
සසංඛාරික
වි. අනුන්ගේ මෙහෙයවීම හෝ පූර්ව ප්රයෝග සහිත ; සංස්කාර සහිත.
සසංඥ
වි. දැනීම ඇති ; සංඥාව සහිත.
සසංශය
වි. සැක ඇති ; සංශය සහිත.
සසග
නා.ප්ර. සසග් එක්වීම ; සන්ධානය ; සංසර්ගය.
වි. සමාන ; වැනි.