සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1747
සවිබල
වි. කාය බල ඇති ; ශක්තිමත්.
සවිභක්තික
වි. බෙදීම් සහිත ; නැවත විභාග කිරීම් සහිත.
සවිභා
නා.ප්‍ර. බෙදීම ; කොටස් කිරීම.
සවිය
1. නා. ශක්තිය ; ජවය ; බලය ; හයිය.
2. හැකියාව.
සවිරාම
වි. විරාම සහිත ; නැවතීමක් ඇති ; නැවති නැවතී පවතින ; අන්තරිත.
සවිරාමුව
නා. එකම ප්‍රමාණයක කියත් තල පමණක් සවි කළ හැකි කියත් රාමුව.
සවිලනවා
ක්‍රි. ශක්තිය යොදනවා ; බලය තහවුරු කරනවා.
සවිවර අස්ථිය
(පාරිභා.) නා. විවර සහිත ඇටය ; තෙතමන උරාගන්නා ඇටය.
සවිවර මෘදුස්ථරය
(පාරිභා.) නා. අක්රමික හැඩයෙන් යුත් අන්තර් අවකාශ සහිත සෛල.
සවිවරතාව
නා. සිදුරු සහිත බව.
සවීචි
1. වි. අතරක් ඇති ; අතර පිරිසිඳීමක් ඇති.
2. රැළි සහිත.
සවු
1. නා.ප්‍ර. ශ්රාවකයා ; ශිෂ්‍යයා.
2. හැවිල්ල ; අවලාදය ; ශාපය.
වි. සියලු ; සර්ව.
සවු පැරුම්
නා.ප්‍ර. ශ්‍රාවක පාරමිතාව ; ශ්‍රාවක බව සඳහා පිරිය යුතු පාරමී ධර්ම.
සවු යුගය
නා.බහු. ශ්‍රාවකයන් දෙදෙනා ; ශ්‍රාවක යුවල.
සවු සත්
නා.ප්‍ර. සියලු සත්ත්වයෝ ; සකල සත්ත්ව වර්ගයා.
සවු සනිපා
නා.ප්‍ර. ශ්‍රාවක සන්නිපාතය ; ශ්‍රාවකයන්ගේ එක් රැස්වීම.
සවුක්කාරන්
1. නා.ප්‍ර. යවකාර ලුණු.
2. ලුණු සබන්.
සවුක්කාලම
නා. බිම හිඳ ගැනීමේදී පාවිච්චි කරන වර්ණවත් ගොරෝසු නූලෙන් වියූ පැදුරක් වැනි රෙද්ද.
සවුත්තු
වි. නරක් වූ ; වැරදි ; නුසුදුසු ; අසාර්ථක ; පහත් මට්ටමක පවතින.
සවුතුරු
[සව් + උතුරු]
වි. සියල්ලෙන් උතුම් වූ ; උත්තරිතර වූ ; සර්වෝත්තම.
සවුදම
නා. විනෝදය හා ශාන්තිය සඳහා සිදු කරන ගැයුම් වැයුම් සහිත නැටුම් විශේෂය.
සවුන්
1. නා.ප්‍ර. ශ්‍රවණය ; ඇසීම.
2. ඉවත් කිරීම ; අස් කිරීම.
සවුන්දර
වි. සුන්දර ; සොඳුරු ; මනහර ; යහපත්.
සවුනේ
නා.ප්‍ර. දතයුතු සියලු දේ ; බුද්ධඥාන ලත් යථාවබෝධය.