සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1749
සසටු
වි. කලවම් ; හැනුණු ; මිශ්ර වූ.
සසත
වි. ශාස්වත ; සදාකාලික.
සසතදිටු
නා.ප්ර. සාස්වත දෘෂ්ටිය ; ආත්මය නිත්යය සදාකාලිකය යන විශ්වාසය.
සසදර
නා.ප්ර. හාවාගේ ලකුණ දරන්නා ; චන්ද්රයා.
සසනුලොම්
නා.ප්ර. සත්යයනට අනුලොම් වූ ඥානය.
සසඳනවා
ක්රි. සංසන්දනය කරනවා ; යමක් හා සමාන කරනවා.
සසමය
[ස + සමය]
1. නා.ප්ර. තම ආගම ; ස්වසමය.
2. ෂඩ් දර්ශනය ; දර්ශන ශාස්ත්ර හය.
සසම්ප්රයුක්ත
වි. සම්ප්රයුක්ත ධර්ම සහිත ; එක් ව යෙදුණු ධර්ම ඇති.
සසම්භාර කාය
නා.ප්ර. ප්රකෘති ශරීරය ; කාය ප්රසාදය පවත්නා ස්ථානය.
සසම්භාරත්වය
නා. ප්රමාණය ; සම්භාරය.
සසම්භාවී
(පාරිභා.) වි. සැලසුම් කිරීමකින් තොර ව සිදුවන ; නිදහසේ සිදුවන ; අහඹු.
සසර
නා. සංසාරය ; ස්කන්ධ ධාතු ආයතනවල පිළිවෙල නො සිඳ පැවැත්ම ; චුති උත්පත්ති වශයෙන් භවයෙන් භවයට යාම ; ජාති, ජරා, මරණ නම් චක්රය.
සසරණ
සසරද
නා. (සාරජු යනු වාච්යාර්ථයි) සඳ ; චන්ද්රයා.
සසරබිරි
වි. සසරට බිය වන ; සසරට බිය ඇති.
සසරවිය
නා.ප්ර. සංසාර නමැති ව්යාධිය ; සසර නමැති රෝගය.
සසරහිම
නා. සංසාරයෙහි සීමාව හෝ අන්තය ; නිවණ.
සසරු
වි. ශාඛාවලින් සරු ; අතු පතරින් සරු.
නා.ප්ර. සසර සැරි සරන්නා ; සංසාරයෙහි නැවත නැවත ගමන් කරන්නා.
සසල
වි. චංචල ; සෙලවෙන.
1. නා.ප්ර. ඇස ; නේත්රය.
2. චන්ද්රයා.
3. හඬ ; මේඝ නාදය.
සසලේ
1. නා.ප්ර. සස ලේඛාව ; සස ලාංඡනය.
2. සඳුන්.
සසවිසාණ
නා.ප්ර. සිදුවිය නොහැකි දෙය.
සස්
1. නා.ප්ර. සත්යය ; සත්ය ක්රියාව.
2. ශස්යය ; ගොයම්.
සස් කරනවා
ක්රි. සත්ය ක්රියා කරනවා.
සස්කර
නා.ප්ර. ගොවියා ; සස්ය කරන්නා.