සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1750

සස්තන

(පාරිභා.) වි. තන සහිත ; ක්ෂීරපායී ගණයට අයත් ; කිරි බී වැඩෙන.

සස්පිළිවේ

නා.ප්‍ර. සත්‍යය ප්‍රතිවේධය ; සත්‍ය අවබෝධ කිරීම.

සස්වදන්

නා.ප්‍ර. සත්‍ය වචන.

සස්සත

වි. සදාකාලික ; හැම දා පවතින ; නිත්‍ය.

සස්‍ය මාරුව

නා. කන්නයෙන් කන්නයට බෝග වර්ග මාරු කරමින් කරන වගාව.

සස්‍ය විද්‍යාව

නා. ක්‍රමික ගොවිතැන් ශාස්ත්‍රය.

සස්‍ය සමය

නා.ප්‍ර. ධාන්‍යය පැහෙන කාලය ; අස්වනු කපන අවධිය.

සස්‍යක

නා.ප්‍ර. රත්න විශේෂයක්.

සස්‍යය

නා. ගොයම ; පලදාව ; අස්වැන්න ; ධාන්‍යය.

සසාදර

නා.ප්‍ර. සස ලකුණ දරන්නා ; චන්ද්‍රයා.

සසාදාරණ නුවණ

නා. තථාගතයන් වහන්සේට පමණක් ආවේණික වූ සය වැදෑරුම් නුවණ.

සසාධක

වි. (පාරිභා.) (ගණිත.) මූලික සංඛ්‍යාවක් නොවන ; කොටස්වලින් යුත් ; මිශ්‍රිත.

සසාන

නා.ප්‍ර. නිෂ්කාරණය ; හේතුරහිත භාවය.

සසැඳිලි

නා.ප්‍ර. එකට එකතු වී දැනමුතුකම් හෝ උපදෙස් ලබා ගැනීම ; අදහස් විමසීම.

සසි

නා.ප්‍ර. සා ලකුණ ඇත්තා ; චන්ද්‍රයා.

සසින

නා. ආනුභාවය ; අනුහස.

සසිනවා

ක්‍රි. තුනී කරනවා ; අහිනවා.

සසිරි

වි. සශ්‍රීක වූ ; සරුසාර වූ.
නා.ප්‍ර. හාල් ඇටයෙහි නිවුඩු.

සසිරිකය

නා.ප්‍ර. දිව්‍ය ලෝකය ; දෙව්ලොව.

සසිරිබෝ

නා.ප්‍ර. සව්සිරියෙන් වැඩුණු බෝධිය ; ශ්‍රී මහ බෝධිය.

සසු

නා.ප්‍ර. ශස්‍යය ; ගොයම ; ධාන්‍යය.

සසුන

1. නා.ප්‍ර. ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා පර්යාප්ති වශයෙන් ඉගැන්වීම හා ප්‍රතිපත්ති වශයෙන් පුහුණු කරවීම.
2. ආණ්ඩුව.

සසුරයා

නා. මස්සිනා ; සුහුරු බඩු.