සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1805
සිඟිනි
නා.ප්‍ර. පීඩාව ; කරදරය.
සිඟු
1. නා.ප්‍ර. ගෝන, මුව ආදි සතුන්ගේ අං.
2. මුදුන ; මස්තකය.
3. පෙරුංකායම්.
4. කුඩා දේ ; පුංචි දේ.
වි. කෘශ ; කෙට්ටු.
සිඤ්චනය
සිංචනය බ.
සිඤ්ජිත
වි. නාද කරන ලද ; නාදයෙන් යුතු.
සිටවනවා
1. ක්‍රි. නවත්වනවා ; නතර කරනවා ; රඳවා ගන්නවා.
2. බීජ අංකුර ආදිය ඉන්දනවා ; පැළ ආදිය රෝපණය කරනවා.
සිට්‍රයින්
1. නා.ප්‍ර. මැණික් කැපීමට ගන්නා තිරුවාණ ගල් විශේෂයක්.
2. මැණික් විශේෂයක්.
සිට්රස්
නා.ප්‍ර. දොඩම්, දෙහි, නාරං ආදිය අයත් වන පලතුරු ශාක විශේෂය.
සිට්රික් අම්ල චක්‍රය
නා. චක්‍රීයව සිදුවන සිට්රික් අම්ලයේ ප්‍රතික්‍රියා මාලාව.
සිට්රික් අම්ලය
නා. දෙහි, දොඩම් ආදියෙහි ඉස්මවල ඇඹුල් ගතිය ඇති කරන අම්ලය.
සිට්රිලයින්
නා.ප්‍ර. ඔනිතයින් සහ ඇමෝනියා සංයෝජනයෙන් ඇති වන සංයෝගය.
සිට්රේට
නා. කැටි නොගැසීම සඳහා රුධිරයට එකතු කරන ද්‍රව්‍යයක නාමය.
සිට්ස් දෙවුම
(පාරිභා.) නා. 1. දිය පුරවා යමකු ඇතුළතෙහි හිඳගත් විට ඒ දියෙන් තුනටිය වැසෙන පරිද්දෙන් වාඩි වී නාන්නට හැකි පළල පැතලි භාජනය.
2. එවැනි භාජනයක වාඩි වී නෑම.
සිටාණ
නා.ප්‍ර. සිටු තනතුරු ලැබූ තැනැත්තා ; සිටුවරයා.
සිටැඹුව
නා. සිටු දේවිය ; සිටුවරයාගේ දේවිය.
සිටි අඩියේ
(කථා.) ක්‍රි.වි. එකවිට ම ; උන්හිටි ගමන්.
සිටි පිය
නා.ප්‍ර. එසවූ පය හැර අනිත් පය ; බිම තබා ඇති පය.
සිටි පිළිමය
නා. සිටගෙන සිටින ඉරියවුවෙන් තැනූ පිළිමය ; නැගිට සිටින ආකාරයට තැනූ පිළිමය.
සිටිදාරනේ
(කථා.) ක්‍රි.වි. හිටි අඩියේ ම ; හිටිවන ම.
සිටිදිය
නා.ප්‍ර. පවතින්නා වූ ජලය ; තිබෙන ජලය.
සිටිනවා
1. ක්‍රි. ඉන්නවා ; ජීවත්වෙනවා.
2. නැවතී, රැඳී පසුවෙනවා.
3. පදිංචි ව කල් ගෙවනවා.
සිටිමාන
(කථා.) නා.ප්‍ර. අතුගෑමට උපකාරී වන ඉලපත ; මුස්න ආදිය.
සිටිවන
ක්‍රි.වි. සිටි ආකාරයෙන් ම ; උන් ලෙසට ; උන් ආකාරයට.
සිටිවැට
නා.ප්‍ර. හිටවන ප්‍රදීපය ; බිම හිටවන ලද පහන ; ටැඹක් මත පහන.
සිටිවියටි
වි. ස්ථිර ව පිහිටුවීමට කැමති.