සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1811

සිඳ බිඳ දමනවා

ක්‍රි. කඩා විනාශ කර දානවා ; කපා කොටා දමනවා ; විනාශ කර දමනවා.

සිඳගන්නවා

1. ක්‍රි. තැම්බීමේ දී වතුර ප්‍රමාණය අඩුකර ගන්නවා ; සාරය ඉතුරු වන සේ හිඳිනවා.
2. තුවාල කරගන්නවා ; කපා ගන්නවා.

සිඳිනවා

1. ක්‍රි. කපනවා ; කැබලි කරනවා ; ඡේදනය කරනවා.
2. දුරු කරනවා ; නැති කරනවා.
3. කඩා දමනවා ; ඡින්න කරනවා.
4. තුවාල කරනවා.
5. උගුල්ලනවා.
6. කසාය, තෙල් ආදිය යම්කිසි වතුර ප්‍රමාණයක් දමා අවශ්‍ය ප්‍රමාණයට හිඳගන්නවා.

සිඳී දිය

නා.ප්‍ර. යම්කිසි ඖෂධයක් දමා සිඳවන ලද ජලය ; කසාය මෙන් සිඳ ගත් බෙහෙත් වතුර.

සිඳී බිඳී යනවා

ක්‍රි. කැඩී වෙන් වී යනවා ; විභේදනය වෙනවා.

සිඳු

1. නා.ප්‍ර. මුහුද ; සාගරය ; සමුදුර.
2. නදිය ; ගංගාව.
3. ජලය ; දිය.
4. සහිඳලුණු.
5. සින්ධු දේශය.

සිඳුම්

1. නා.ප්‍ර. සිදුර ; හිල ; ඡිද්‍රය.
2. සිඳීම ; කැපීම ; ඡේදනය.

සිඳුරන

නා.ප්‍ර. හස්තියා ; ඇතා.

සිඳුරළ

නා.ප්‍ර. සාගරයේ රළ ; මුහුදු රළ.

සිඳුවන්

නා.ප්‍ර. වැසි වලාකුළ.

සිඳෙනවා

1. ක්‍රි. යමක වතුර හෝ යම්කිසි ද්‍රවයක් හිඳී යනවා ; නැති වී යනවා (ගංගා ආදිය) වේලී යනවා ; තෙතමනය නැති ව යනවා ; වියළි භාවයක් ඇති කරනවා.
2. නැති වී යනවා ; තුරන් වී යනවා ; දුරු වෙනවා ; මිදෙනවා.

සිප

නා. ශිල්පය ; ශාස්ත්‍රය.

සිපගන්නවා

ක්‍රි. වැලඳ ගන්නවා ; ආලිඞ්ගනය කරනවා ; සිඹිනවා.

සිපත

නා. අසිපත ; කඩුව.

සිපයි

නා.ප්‍ර. කුලියට හේවාකම් කළ භටයෝ ; කුලී හේවායෝ.

සිප්

1. නා.ප්‍ර. ශිල්පය ; ශාස්ත්‍රය.
2. තාරකාව.

සිප්කම්

නා.ප්‍ර. ශිල්ප කර්මාන්ත ; ශිල්පය සම්බන්ධ කර්මාන්ත.

සිප්පම

1. නා. කැබැල්ල.
2. සමූහයක් එක් කොට බැඳි මිටිය ; පොට්ටනිය ; පොදිය.

සිප්පමද

නා. ශිල්ප දැනීම නිසා ඇති වන මානය ; ශාස්ත්‍ර දැනුමින් ඇති වන ආඩම්බරය.

සිප්පි

1. නා.ප්‍ර. පියන් දෙකකින් වැසුණු මොළොක් ශරීරයක් ඇති මෘද්වංගී සත්ත්ව විශේෂය ; බෙල්ලන් අයත් වන වර්ගය.
2. අතුණු බහන් ඇසුරෙහි වසන පණු විශේෂයක්.

සිප්පි කටුව

නා. සිප්පි වර්ගයට අයත් සත්ත්ව විශේෂයෙහි ශරීරය වැසී ඇති පිට පොත්ත ; බෙලි කටුව.

සිප්පි බොත්තම

නා. මුතු සහිත බෙල්ලන්ගේ දිලිසෙන කටුවෙන් සෑදූ බොත්තම හෝ ඒ ස්වරූපයට ම කෘත්‍රිම ලෙස සෑදූ බොත්තම.

සිප්පි ස්තරය

නා. සිප්පි කටුවේ ඇතුළු පැත්තේ තිබෙන මුතු මෙන් දිලිසෙන ස්තරය.