සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1810
සින්ක්රෝටෝනය
(පාරිභා.) නා. ඉතා අධික වේගවලට ත්වරණ කිරීම සඳහා භාවිත කරන උපක්‍රමවලින් එකක්.
සින්කෝනා
නා.ප්‍ර. මැලේරියාවට ඖෂධ ව පැවති ක්විනීන් හා සින්කොන්ඩයින් සපයන ශාකය.
සින්ටර
නා.ප්‍ර. උණුදිය උල්පත් අසල තැන්පත් වන ද්‍රව්‍යයක්.
සින්ඩක්ටිලා
නා.ප්‍ර. සත්ත්ව හා ශාක වර්ග අයත් ගෝත්‍ර කාණ්ඩයක්.
සින්තටික්
වි. ස්වාභාවික නොවූ ; කෘත්‍රිම.
සින්දුර
1. නා.ප්‍ර. රස බෙහෙත ; රස භෂ්ම චූර්ණය.
2. රතු ඊයම්.
සින්දුව
නා. ගැයීමට හැකි වන පරිදි භාෂා මාධ්‍යයෙන් කරන ලද ප්‍රබන්ධය ; ගීය.
සින්ධව
නා.ප්‍ර. සින්ධු දේශයෙහි උපන් අශ්වයා ; සෛන්ධවයා.
සින්ධුර
නා.ප්‍ර. ඇතා.
සින්න
වි. අයිති ; හිමි ; උකසට ගැනීමෙන් හිමි වුණු.
සින්න කරනවා
ක්‍රි. දේපොළක් හෝ වටිනා භාණ්ඩයක් ඇපයට තබා ණයක් ගත් විට ගිවිස ගත් පරිදි ඒ ණය මුදල ගෙවා ගත නොහැකි වූ විට ණයහිමියා ඒ දේපොළ තමා සතූ කර ගන්නවා.
සින්නක්කරය
නා. දේපළක් පිළිබඳ ව සියලු අයිතිය ; නීත්‍යනුකූල ව ලබා ඇති හිමිකම.
සින්නය
නා. අයිතිය ; හිමිකම ; උරුමය.
සිනාන
නා.ප්‍ර. නෑම ; ස්නානය.
සිනාරසය
නා.ප්‍ර. සිනාවෙන් ලබන වින්දනය ; සිනාවෙන් ලබන සතුට.
සිනාව
නා. මුහුණින් ප්‍රකාශ වන සතුට ; හසනය ; හිනාව.
සිනාසෙනවා
ක්‍රි. හිනාවෙනවා ; දසන් විදහා ප්‍රසන්න ස්වභාවයකින් මුව විවර කර දක්වනවා.
සිනැප්සිස්
නා.ප්‍ර. ස්නායු බිල දෙකක් අතර ඇති කපොල්ල.
සිනිකඳ
නා.ප්‍ර. ජල යාත්‍රාවක් නවත්වා රඳවා ගැනීම සඳහා දිය පත්ලට බස්සන බර උපකරණය ; නැංගුරම ; සිනිය.
සිනික්කු වෙනවා
(කථා.) ක්‍රි. ප්‍රමාද වෙනවා ; සුනංගු වෙනවා.
සිනිග්ධ
වි. මෘදු ; සිනිඳු ; සිහින්.
සිනිදස
නා.ප්‍ර. සෙනෙහස ; ස්නේහය.
සිනිදු
1. වි. මෘදු ; මොළොක් ගතියෙන් යුතු.
2. ඝන නොවූ; තුනී.
සිනෙළිය
නා. කෙන්ද ; කුඩා නාරටියක් වැනි දෙය.
සිනේ
1. නා.ප්‍ර. සිනාව; හිනාව.
2. ආදරය ; ස්නේහය.