සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1809
සිද්ධි කරගන්නවා
[ක්‍රි.) ජප කර ගන්නවා ; යාතු කර්මවල දී මන්ත්‍ර ජප කිරීම් ආදියෙන් තෙල් අඳුන් ආදියෙහි ගුප්ත ශක්තිය වැඩි කරනවා.
සිද්ධි කාරකයා
නා. සිදුවීමක් කරන්නා.
සිද්ධි ලාභය
නා. ගුප්ත බලය දියුණු කිරීම.
සිද්ධිය
1. නා. සිදු වූ දෙය ; සිදුවීම.
2. යහපත අභිවෘද්ධිය.
3. නිශ්චය.
4. දේව ආදි භූත ගණයාට පමණක් සතු බල අට.
5. නඩුවකට අයත් ප්‍රශ්න පිළිබඳ කාරණාව.
6. මන්ත්‍ර විද්‍යාවට සම්බන්ධ බලය ; ගුප්ත බලය.
සිද්ධිරස්තු
(අව්‍ය.) නා.ප්‍ර. යහපතක් වේවා’ යන අරුත් පැවසෙන ආශීර්වාද පාඨයක්.
සිද්ධිවාචක
වි. සිද්ධියක් ප්‍රකාශ වන ; සිද්ධියක් සම්බන්ධ.
සිදාදිය
නා. නගරය ; නගරබද ප්‍රදේශය.
සිදු
1. නා.ප්‍ර. ඉපදීම ; උත්පත්තිය.
2. සිද්ධ කිරීම ; ඉටු කිරීම.
3. කපුටා.
4. මුහුද ; සාගරය.
5. දේවතා කොට්ඨාසයක්.
සිදුර
1. නා. හිල ; ඡිද්‍රය.
2. දෝෂය ; වරද.
3. ඉඩ ; අතර.
සිදුරුපත
(කථා.) නා. ලෝහ වැඩ සඳහා භාවිත කරනු ලබන සිදුරක් සහිත තහඩුවක්.
සිදුහත්
1. නා.ප්‍ර. බුදුවීමට පෙර ගෞතම බුදුරදුන්ගේ නාමය ; සිද්ධාර්ථ.
2. කුඩා ඇට වර්ගයක් ; අඹ.
සින
1. නා.ප්‍ර. සිනාව.
2. සිංහයා.
සිනකර
නා.ප්‍ර. ඖෂධ සඳහා ගැනෙන ක්ෂාර වර්ගයක් ; සීනක්කාරම්.
සිනකර ජනක ධාතු
නා.ප්‍ර. ලෝහ වර්ගයක් ; පස් සෑදීමට ආධාර වන මූල ද්‍රව්‍ය විශේෂයක්.
සිනමාව
1. නා. චිත්‍රපටය.
2. චිත්‍රපට කලාව.
සින්ක්
නා.ප්‍ර. පිත්තල ආදි මිශ්‍ර ලෝහ සෑදීමටත්, ගැල්වනයිස් කිරීමටත් ගනු ලබන සුදු ලෝහමය මූල ද්‍රව්‍යය.
සින්ක් ඔක්සයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. රත් කළ විට කහ පැහැයට හැරෙන, නිවෙන විට මුල් පැහැය ම ගන්නා සුදු අස්ඵටික කුඩු විශේෂයක්.
සින්ක් ක්ලෝරයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. හයිඩ්රජන් වායුව තැනීමේ දී ඉතිරි වන රසායනික මූල සංයෝගයක්.
සින්ක් තහඩුව
නා. තුත්තනාගම් ආලේප කළ යකඩ තහඩුව.
සින්ක් බ්ලෙන්ඩ්
(පාරිභා.) නා.ප්‍ර. තුත්තනාගම් ලෝපස් වර්ගයක්.
සින්ක් මැංගනයිට්
(පාරිභා.) නා.ප්‍ර. සින්ක් ලවණ ද වැඩිපුර සින්ක් ඔක්සයිඩ් ද, අන්තර්ගත රත් වූ ද්‍රාවණයක දී පොටෑසියම් ප’මැංගනේට් සමග අනුමාපනය කිරීමෙන් සෑදෙන මූල ද්‍රව්‍යය.
සින්ක් ලවණය
නා. වර්ණයකින් තොර බොහෝ විට ජලයේ දිය වන රසායනික සංයෝගයක්.
සින්ක් සල්පයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. බොහෝ විට ජලයේ ද්‍රාව්‍ය වන අවර්ණ රසායනික සංයෝගයක්.
සින්ක් සල්පේට්
(පාරිභා.) නා.ප්‍ර. තනුක සල්පියුරික් අම්ලය සින්ක් කෙරෙහි හෝ සින්ක් ඔක්සයිඩ හෝ හයිඩ්‍රොක්සයිඩ කෙරෙහි ක්‍රියා කිරීමෙන් සෑදෙන ද්‍රාවණය.