සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1821
සිවු සඟරාවත
නා. අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු සිවු වැදෑරුම් විධි ; දාන, ප්‍රියවචන, අර්ථ චර්යා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තු.
සිවුකන්
නා.ප්‍ර. සතර කොන ; සතර දිශාව.
සිවුකොන්
නා.ප්‍ර. කොන් සතර ; සතර දිසාව.
සිවුපසය
නා. භික්ෂූන් වහන්සේට ගිහියන් විසින් සැපයිය යුතු වන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය යන ප්‍රත්‍යය සතර.
සිවුපිළිසිඹියාව
නා. රහත්වීම සඳහා අවශ්‍ය අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සිවුවැදෑරුම් ඥාන විශේෂය ; චතු පටිසම්භිදාව.
සිවුබා
නා.ප්‍ර. අත් සතරක් ඇත්තා ; විෂ්ණු දෙවි.
සිවුමංසල
නා. මාර්ග සතරක් එක් වන තැන ; සතර මංසන්ධිය.
සිවුමාන
(පාරිභා.) වි. මාන සතරක් ඇති ; චතුර්මාන.
සිවුමැදුරු කවුළුව
නා. ප්‍රාසාදයන්හි ඇති සිංහ රූපාකාර ජනේලය ; සී මැදුරු කවුළුව.
සිවුමැලි
වි. ඉතා මොළොක් ; සිනිඳු ; සුකුමාර.
සිවුර
නා. අඳන සහ පොරෝන වශයෙන් භික්ෂූන් වහන්සේලාට නියමිත වස්ත්‍ර විශේෂය ; චීවරය.
සිවුරඟ
වි. සතර වැදෑරුම් ; චතුරංග.
සිවුරඟ සෙනග
නා.ප්‍ර. ඇත්, අස්, රිය සහ පාබළ වශයෙන් සතර ආකාර යුද බල ඇණි සමූහය ; චතුරංගිනී සේනාව.
සිවුරළු
වි. මහණ වී සිට සිවුරු අත්හළ ; උපැවිදි වූ ; ගිහිවූ ; හීරළු.
සිවුරළුවා
1. නා. පැවිදිව සිට සිවුරු හළ තැනැත්තා ; සීරළුවා ; හීරළුවා.
2. හිකනලා.
සිවුරු හොරා
නා. කහ පැහැති අලංකාර පක්ෂියකුගේ නාමය.
සිවුරුහන් බානවා
ක්‍රි. දෙතොල් අතරින් වාතය පිට කිරීමෙන් නළාවකින් මෙන් හඬ නඟනවා ; සිවුරු හඬලනවා ; උරුහම් බානවා.
සිවුවත්
නා.ප්‍ර. මුහුණු හතරක් ඇත්තා ; මහ බඹු ; මහා බ්‍රහ්මයා.
සිවුවනක් පිරිස
නා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුවෙන් බුද්ධ ශාසනයට අයත් සතර වර්ග පිරිස.
සිවුවරම් දෙවි
නා.ප්‍ර. ලෝක ධාතුවෙහි සතර දිශාව භාරව වැඩ වසන සතර වරම් දෙවියෝ ; ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ යන දෙවිවරු සතර දෙනා.
සිවුසස්
නා.ප්‍ර. බුදුරජුන් දේශනා කොට වදාළ දුක්ඛ, සමුදය, නිරෝධ සහ මාර්ග යන සත්‍ය සතර ; චතුරාර්ය සත්‍යය.
සිවුසැට ආභරණ
නා.ප්‍ර. පුරාණයෙහි රජුන් ආදි ශ්‍රේෂ්ඨයන් පැලඳි ආභරණ සැට සතර.
සිවුසැට කලා
නා.ප්‍ර. පුරාණයේ දී උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර වශයෙන් සැලකුණු ගීත, වාද්‍ය, නෘත්‍ය, නාට්‍ය ආදී කලා ශිල්ප සැට සතර.
සිසතින්
ක්‍රි.වි. අතේ කිසිවක් නැතිව ; හිස් අතින්.