සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1822
සිස්
1. වි. කිසිවක් නැති ; කිසිසේත් නොපිරුණු.
2. ශුන්‍ය ; නිසරු ; ඵල රහිත ; පාළු.
නා.ප්‍ර. මුදුන ; ශීර්ෂය ; ඔලුව.
සිස්ටන්
නා.ප්‍ර. ජල භාජනය ; ජලාශය.
සිසාරනවා
ක්‍රි. යමක් වටේට යන්ට සලස්වනවා ; වටේ කරකවනවා.
සිසි
නා.ප්‍ර. චන්ද්‍රයා ; සඳ.
සිසිකත
නා. චන්ද්‍ර කාන්ත පාෂාණය ; සඳ කැලුම් වැදීමෙන් කඳුළු සලන සේ පෙන්වතැයි සලකනු ලබන පාෂාණය.
සිසිර
1. නා.ප්‍ර. ශීතය.
2.ශීත කාලය ; ශීත සෘතුව.
සිසිරකර
නා.ප්‍ර. ශීතල රශ්මි ඇත්තා ; චන්ද්‍රයා.
සිසිල
නා. මඳ ශීතය; තද උණුසුම් නැති බව.
සිසිලස
නා. සිසිල් බව.
සිසිල්
වි. මඳ සීත ; තද උණුසුම් නැති.
සිසිල් සෞම්‍ය කලාපය
නා. තද ශීත නැති ප්‍රදේශය.
සිසුවා
නා. ශිෂ්‍යයා ; ගෝලයා.
සිසේරියන්
(පාරිභා.) නා.ප්‍ර. දරුවා මෙලොවට බිහිකර ගැනීම සඳහා ගැබිනි මවට කරනු ලබන ශල්‍ය කර්මයක නාමය.
සිහ
1. නා.ප්‍ර. සිංහයා.
2. (ජ්‍යෝති.) සිංහ රාශිය.
3. සිදුර.
සිහබා
නා.ප්‍ර. සිංහබාහු රජ ; විජය රජුගේ පියා.
සිහල
වි. සිංහලයා හා සිංහල ද්වීපය හා සම්බන්ධ.
නා.ප්‍ර. සිංහල ද්වීපය ; සිංහලයා.
සිහසන
1. නා.ප්‍ර. සිංහාසනය ; රජකු හිඳගනු ලබන ආසනය.
2. වජ්රාසනය.
සිහිනය
නා. ස්වප්නය ; මනඃකල්පිත සිතුවිල්ල ; හීනය.
සිහිනුවණ
1. නා.ප්‍ර. ස්මෘතිය හා ඥානය ; සතිසම්පජඤ්ඤය.
2. මනා අවබෝධය ; පූර්ණ වැටහීම.
සිහිබුද්ධිය
නා. හොඳ සිහි කල්පනාව ; සිහිනුවණ ; මතකය හා අවබෝධය.
සිහිමුර්ජාව
නා. ප්‍රකෘති සිහිය නැති වීම ; මුර්ජාව.
සිහිමුළාව
1. නා. සිහිවිකල් බව ; උන්මාදය ; සිහිකල්පනාව නොමැති බව.
2. සිහිනුවණ නැතිබව ; යථාර්ථය පිළිබඳ අවබෝධ නොවීම.
සිහිමොළය
නා. හොඳ සිහි කල්පනාව.