සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1823
සිහිය
නා. ස්මෘතිය ; ස්මරණය ; මතකය.
සිහිවටනය
නා. ස්මාරකය ; යමක් සිහිපත්වීමට මාධ්‍යයක් වශයෙන් පවතින දෙය.
සිහිවල්පලුව
නා. පස හෑරීම සඳහා නගුලෙහි සවිකොට ඇති යකඩ කැබැල්ල.
සිහිවිකලය
නා. සිහි මඳකම ; උමතු ස්වභාවය ; සිහි විකල්ලය ; සිහිය අවුල්බව.
සිහිවිපරම
නා. හොඳ සිහියෙන් යුත් සුපරීක්ෂාකාරී බව.
සිහිසන්
නා.ප්‍ර. සිහිය හා හැඟීම ; කල්පනාව.
සිළ
1. නා.ප්‍ර. මුදුන ; මස්තකය ; ශිඛාව ; ශීර්ෂය.
2. ගිනි දැල්ල ; පහන් දැල්ල.
3. අග ; තුඩ ; කෙළවර.
4. ජල පහර ; ජල ධාරාව.
සිළුමිණ
නා. මුදුන් මාණික්‍යය ; චූඩා මාණික්‍යය ; මුදුන් මිණ.
සිළුමිණි සෑය
නා. බෝසතුන්ගේ කේශ ධාතු නිධානය කොට තව්තිසා දෙව්ලොව තැනූ චෛත්‍යයය.
සිළුසෛලය
(පාරිභා.) නා. බහිස්ස්රාවීය අවයවයන්හි කෙළවර ඇති විශාල සෛලයක්.
සී
1. නා.ප්‍ර. සිංහයා.
2. සිහිය ; ස්මෘතිය.
3. හිස ; මස්තකය.
4. සිසිල ; ශීතල.
5. සී සෑම.
6. රත්රන්.
7. සිනාව.
8. හතර.
සී සානවා
ක්‍රි. වගාවට කුඹුර සකස් කිරීමට නඟුලෙන් කුඹුරෙහි පස් පෙරළනවා.
සීඅසුන
නා. සිංහ රූප සහිතව තැනූ ආසනය ; සිංහාසනය.
සීකනය
(පාරිභා.) නා. චාපයක අන්තයෙන් ස්පර්ශකව තැනෙන වෘත්තයක අරය.
සීකර
නා.ප්‍ර. දිය පොද ; වැසි බින්දු ; ජල කණිකා ; පිනි පොද.
සීක්වින්
නා.ප්‍ර. අලංකාරය සඳහා ඇඳුම්වලට අල්ලා මසන කුඩා දිලිසෙන වටකුරු පෙති.
සීග ක්‍රීඩාව
නා. ඉත්තන් භාවිතයෙන් කරන සිංහල ගෘහස්ථ ක්‍රීඩාවක්.
සීගඩු
නා.ප්‍ර. සීතලය හෝ තැති ගැන්මක් නිසා සමෙහි හටගන්නා කුඩා ගඩු ; හිරිගඩු.
සීගිරි ගී
නා.ප්‍ර. අනුරාධපුර රාජ සමයේ පශ්චිම භාගයෙහි පොදුජනයා විසින් සීගිරි කැටපත් පවුරෙහි කොටන ලද පද්‍ය ; සීගිරි පද්‍ය.
සීට්ටු
1. නා.ප්‍ර. පොදුවේ දැනගත මනා ප්‍රවෘත්තියක් සහිත ව බෙදා දෙනු ලබන පත්‍රිකාව.
2. අහඹුව අනුව යමක් තීරණය ශ කරනු සඳහා යම් පිරිසක එකිනෙකා අතරේ බෙදාදෙනු ලබන, නොහොත් එකිනෙකා තෝරාගන්නා කොළ කැබැල්ල ; තුණ්ඩුව.
සීට්ටු අදිනවා
ක්‍රි. අහඹුව අනුව දිනුම-පැරදුම, අනුපිළිවෙල ආදිය තීරණය කරනු සඳහා තුණ්ඩු අදිනවා ; නොම්මර අදිනවා.
සීත
වි. උණුසුම් නොවූ ; අතිශයින් ඇල් වූ ; සීතල ගතිය ඇති.
1. නා.ප්‍ර. අතිශයින්ම උණුසුම් අඩු ස්වභාවය ; සිහිල් බව.
2. ශීත කාලගුණය ඇති ඍතුව.
සීතල
වි. සිසිල් ; උණුසුම් අඩු.
සීදන්
නා.ප්‍ර. අතීසාරය රෝගයේ දී අශුචි සමග වෑහෙන දියරය.