සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1824
සීදේවි
නා.ප්‍ර. සිරිකත ; ශ්‍රියා කාන්තාව.
වි. වාසනාවන්ත ; ශ්‍රියාවන්ත ; ශෝභාසම්පන්න.
සීන
1. නා.ප්‍ර. සිහින.
2. අඥානයා.
සීනි
1. නා.ප්‍ර. සුදු හෝ දුඹුරු ශර්කරා විශේෂයක් ; ජලයෙහි දියවන පැණි රසැති කාබෝහයිඩ්රේටයක් ; උක්, බීට් ආදියෙන් සාදා ගැනෙන පැණි රස පුපුරු.
2. මුහුදු යාත්‍රා නවත්වා තැබීමේදී ආධාර කරගන්නා උපකරණ විශේෂයක්.
සීනුව
නා. ඈතට ඇසෙන තියුණු මිහිරි හඬ නැංවීමේ උපකරණයක් ; ඝණ්ටාරය ; මිණිය.
සීපාවා
නා. පාද සතරක් ඇති සත්ත්වයා ; සිවුපාවා.
සීමා
1. නා.ප්‍ර. ඉම ; කෙළවර ; මායිම.
2. වකවානුව ; (කාල) පරිච්ඡේදය.
3. ප්‍රමාණය ; පමණ.
4. භික්ෂූන් විනය කර්ම කිරීමේ සම්මත ස්ථානය ; සීමාගෙය.
5. ප්රඥප්ති, නියමයන් හෝ කොන්දේසි.
සීමා කරනවා
ක්‍රි. යම් දෙයක් යම් කිසි ප්‍රමාණයකට පාලනය කරනවා.
සීමා ගල
නා. සීමාව ලකුණු කළ ගල ; මායිම් ගල.
සීමාන්තික
වි. සීමාවේ අන්තය වූ ; සීමාවේ කෙළවරට ගිය.
සීමාමාලකය
නා. භික්ෂූන් වහන්සේලා විනය කර්ම කිරීම සඳහා නියම කරගත් ශාලාව ; සීමා ගෙය.
සීමාසහිත
1. වි. සීමාවන් ඇති.
2. වගකීම් හා බැඳීම් පිළිබඳ ව ව්‍යවස්ථාපිත නියමයන් ඇති.
සීමැදුර
නා. සීහපඤ්ජරය ; කවුළුදොර ; පැරණි රජ මාළිගා ආදි මන්දිරවල සිංහමුඛයක ආකාරයට සාදන ලද කවුළුව.
සීමිත
වි. සීමාවක් සහිත ; නියමිත ප්‍රමාණයකින් යුත්
සීය
1. නා.ප්‍ර. සියය ; ශත සංඛ්‍යාව.
2. සීසෑම ; හීය.
3. සිහිය.
සීයා
1. නා.ප්‍ර. මවගේ, පියාගේ හෝ මව්-පිය පරම්පරාවට අයත් අයගේ පියා ; මුත්තා.
2. වියපත් මහලු තැනැත්තා ; වයෝවෘද්ධ තැනැත්තා.
සීර
නා.ප්‍ර. නගුල.
සීරලුවා
(කථා.) නා. 1. උරග වර්ගයේ කුඩා සතකුවන සිකනලා.
2. සිවුරුහළ තැනැත්තා හඳුන්වන නාමයක් ; හීරළුවා.
සීරාව
නා. තෙතමනය සහිත බව ; තෙත ගතිය.
සීරෑණ
නා.ප්‍ර. ගැල් ආදියෙහි, වියගසෙහි ගොනුන් බඳින ලණුව.
සීරි
(කථා.) නා.ප්‍ර. 1. රුධිරය.
2. යක්ෂයකුගේ නාමය ; රීරි යකා.
3. හදවත.
සීරි මාංසය
නා. හෘදය වස්තුව ; හදවත.
සීරිපත
(කථා.) නා. 1. රන්රිදී නූල් ඇදීමට ගන්නා සිදුරු සහිත ලෝහ තහඩුව.
2. කම්බි, වේවැල් ආදිය බැඳීමට ගන්නා උපකරණයක්.
සීරියම්
නා.ප්‍ර. මෘදු අළු පැහැති විරල ගණයේ ලෝහමය මූල ද්‍රව්‍යයක්.
සීරියස්
නා.ප්‍ර. පෘථිවියට ලංව පිහිටි දීප්තියෙන් යුත් නිශ්චල තාරකාවක්.