සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1825
සීරු
1. නා.ප්ර. කෘමි විශේෂයක් වන රැහැයියෝ.
2. ඉණේ බඳින අලංකාර හවඩි විශේෂයක්.
1. වි. ලේසි ; පහසු.
2. පරිස්සම් සහිත ; සුදුසු.
3. ඇදනැති.
4. හැඩ ; ලස්සන.
5. සූදානම්.
6. ප්රමාණවත් ; ඇති.
සීරු කරනවා
1. ක්රි. සූදානම් කරනවා ; සකස් කරනවා ; පිළියෙල කරනවා.
2. (කථා.) අවුල් හරිනවා.
3. (කථා.) කනවා.
සීරු දමනවා
ක්රි. රෙදි විවීමේ දී විශේෂ ක්රමයකට බෙරයෙහි නූල් ඔතනවා.
සීරු මාරු
1. වි. ලේසි ; පහසු.
2. පරිස්සම් සහිතව.
සීරුම්කටුව
නා. මැටි හෝ ලෝහ හෝ භාණ්ඩයක් තැනීමේ දී හෝ ඇඹීමේ දී වැඩිපුර කොටස් කපා සූරා දැමීමට උපයෝගී කරගන්නා උපකරණය.
සීරුම්පිහිය
නා. වඩු කර්මාන්තයේ දී ලීයෙන් සාදන කාණ්ඩයක වැඩිමනත් කොටස් කපා සූරා නියම තත්ත්වයට ගෙන එමට උපයෝගී කරගන්නා උපකරණය ; සූරන තහඩුව.
සීරුමානම
1. නා. අඩවුවකට සූදානමක් වශයෙන් කරන අංග චලනය.
2. නැටුමක් අවසානවීමේ දී ඉදිරියට පියවරක් තබා නැවතීම.
සීරුමාරු රාමුව
නා. එහා මෙහා කර වෙනස් කළ හෝ සකස් කළ හැකි රාමුව.
සීරුමාරු රෙංචිය
නා. බෝල්ට් ඇණ ආදියේ හිසට සරිලන පරිදි ප්රමාණය වෙනස් කළ හැකි ඇණ ආදිය අල්ලන උපකරණය.
සීරුමාරුව
1. නා. පරෙස්සම් සහිත බව.
2. සූදානම.
3. තත්ත්වය ; පිළිවෙළ.
4. දක්ෂ බව.
5. (පාරිභා.) එහා මෙහා කොට සකස් කිරීම.
සීරුව
1. නා. සූදානම ; ලෑස්තිය.
2. පරිස්සම ; සුරක්ෂිත භාවය.
3. ඇදනැති බව ; සෘජුබව.
4. හැඩ බව ; ලස්සන බව ; කඩවසම් බව.
5. සූදානම ; ලැහැස්තිය.
6. ප්රමාණවත් බව.
7. ශිරාව.
8. දොර පොල්ල.
සීරුවෙන්
1. ක්රි.වි. ඉතා පරීක්ෂාකාරී ව; කල්පනාකාරී ව.
2. හෙමින් ; කල්ගත වී.
සීරුවෙන් සිටිනවා
1. ක්රි. ශාරීරික අභ්යාසවල දී දෙපා එක් කොට ශරීරය සෘජු ව තබා ගන්නවා.
2. පරෙස්සම් සහිත ව කල්පනාකාරීව ඉන්නවා.
3. යමක් බලාපොරොත්තුවෙන් සූදානම් ව සිටිනවා.
සීරූ
නා.ප්ර. නඟුල.
සීරූ හඬ
නා.ප්ර. ඇතැම් සතුන් කෙඳිරියක් සේ නඟන සිහින් හඬ.
සීරෙනවා
1. ක්රි. බේරෙනවා ; වැගිරෙනවා.
2. විහිද යනවා ; විසිරෙනවා.
3. යම් කුඩා තුඩකින් හෝ කට්ටකින් දිගට සිහින් තුවාලයක් ඇති වනවා.
සීරෝ
(පාරිභා.) නා.ප්ර. බිංදුව.
සීල
1. නා.ප්ර. කය හා වචනය පිළිබඳ හික්මීම ; පාප ක්රියා වලින් වැළකීම.
2. රක්ත වර්ණ උපධාතු විශේෂයක් ; හිඟුල්.
3. ගව ආදි සතුන්ගේ ප්රකෘති ස්වභාවය.
සීල භූමිය
නා. සීලයෙහි පිහිටීම ; සිල්වත් බව.
සීල භේදය
නා. සිල් බිඳීම ; රැකගෙන ආ සීලය බිඳීම ; ශීලයට හානි ඇති කිරීම.
සීල විපත්තිය
1. නා. සමාදන් වූ ශික්ෂාපද කඩකිරීම නිසා ශීලය බිඳීයාම.
2. පාරාජිකා සංඝාදිශේෂ ආදි ඇවතකට පැමිණීම.
සීල සංයමය
නා. ශීලයෙන් ඇති වූ සංයමය ; ශීල සංවරය.
සීල සංවරය
නා. කයින් වචනයෙන් කෙරෙන දුශ්චරිත වලින් වෙන්වීමෙන් ඇති වන හික්මීම.
සීල සම්පන්න
වි. ශීලයෙන් යුක්ත ; සිල් ඇති.