සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1826
සීලකැන්තයා
නා. අතිපුරාණයේ විසූ ප්‍රථම ගොඩබිම වාසී සතුන් අතරින් තවම අවශිෂ්ටව ඉතිරිව වසන මත්ස්‍ය විශේෂයක්.
සීලපූරණය
නා. සිල් පිරීම ; සීල ගුණ සම්පූර්ණ කිරීම.
සීලබ්බත පරාමාස
නා.ප්‍ර. සසර දුකින් මිදීමට උපකාර නොවන වැරදි ශීල ව්‍රත ආදිය පිළිපැදීම ; ශීල ව්‍රත ආදියට මුළා වීම.
සීලමන්
1. නා.ප්‍ර. කුඩු ; සුනු.
2. මැටි වර්ගයක්.
සීලස
නා. සිසිලස ; සිහිලස.
සීල්
1. නා.ප්‍ර.සීත මුහුදේ වාසය ක්ෂිරපායී සත්ත්ව වර්ගය.
2. මුද්‍රා.
වි. සීතල ගුණය ඇති ; සිහිල්.
සීල් කරනවා
ක්‍රි. ලේඛනාදියෙහි මුද්‍රා තබනවා.
සීලාචාර
වි. මනා පැවතුම් ඇති ; යහපත් හැසිරීමෙන් යුතු ; ආචාරශීලි.
සීලාදිමය
වි. සීලය මුල්කොට ඇති ; සීලය මුල් වූ ; සීල ආදි ගුණාංගවලින් සෑදුණු.
සීලානිසංස
නා.ප්‍ර. සීලමය කුශලයෙහි විපාකය ; සීලයෙහි ; අනුසස් ; සිල් රැකීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල.
සීලිම
නා. ගොඩනැගිල්ලක වහල යටි පැත්තේ ලෑලි හෝ ඇස්බැස්ටස්වලින් වියනක ආකාරයෙන් තැනූ තට්ටුව ; වියන් තලය.
සීලියැක්
වි. බඩ හා සම්බන්ධ ; සීලෝම පිළිබඳ වූ.
සීලියැක් ධමනිය
නා. අක්මාව, ප්ලීහාව හා ආහාර මාර්ගයේ පූර්ව පෙදෙස කරා රුධිරය ගෙන යන ශාඛා සමූහයක් ඇති ධමනිය.
සීලී
වි. ස්වභාවය ඇති ; යම් තත්ත්වයක් කරා නැඹුරු වූ.
සීලෝමය
නා. දේහ කුහරය ; ආන්ත්‍ර හා ශරීර බිත්තිය අතර ඇති ඉඩ.
සීලෝමාටා
(පාරිභා.) නා.ප්‍ර. සීලෝම සහිත සත්තු.
සීවථිකය
1. නා. මෘත ශරීරය දමන තැන ; සොහොන.
2. මළ සිරුර ; මිනිය.
සීවැල
නා.ප්‍ර. පස හාරා පෙරළා ගෙන යාමට නගුලේ බැඳි යකඩ අවයවය ; නගුල් තලය.
සීවැසි
නා.ප්‍ර. ගොවියා ; ගොවිකම්හි යෙදුණු තැනැත්තා.
සීස
1. නා.ප්‍ර. ඊයම්.
2. හිස ; ශීර්ෂය.
සීස කපාලය
නා. හිස් කබල.
සීස පත්
වි. මුදුන් පැමිණි ; මස්තකප්රාප්ත.
සීසන්
1. නා.ප්‍ර. සිහිය.
2. වාරය ; කාලපරිච්ඡේදය ; සෘතුව.
සීසප්පචාල
නා.ප්‍ර. හිස සැලීම.