සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1820
සිවිකාව
නා. දෝලාව ; පල්ලැක්කිය ; සිවිගෙය.
සිවිකුබ්බහන න්‍යාය
නා.ප්‍ර. බොහෝ දෙනා විසින් සිවියක් (දෝලාවක්) උසුලාගෙන යන්නාක් මෙන් කරුණු කීපයක් එක්වීමෙන් යම් කරුණක් ස්ථිර කරගන්නා න්‍යාය.
සිවිඩිය
නා. කොස් ආදි ඇටවල පොත්තට පිටතින් ඇති සිවිය ; හිවිඩ්ඩ.
සිවිතුරු
නා.ප්‍ර. ආභරණ ; පලඳනා.
සිවිදොස්
නා.ප්‍ර. සමේ හටගන්නා ආබාධ ; දෝෂ.
සිවිනි
නා.ප්‍ර. වහල ; ඡදනය.
සිවිය
1. නා. පිටහම ; සිනිඳු පොත්ත හෝ හම ; බීජාවරණය.
2. තුනී තට්ටුව ; පටලය ; හමට හෝ පොත්තට යටින් ඇති තුනී පටලය ; දිය පට්ටය.
3. දෝලාව ; පල්ලැක්කිය.
4. චුතිය ; මරණය.
5. සිනාව.
6. රශ්මිය.
7. පැහැය.
සිවිල්
වි. රටක ප්‍රජාව පිළිබඳ වූ ; පුරවැසි කටයුතු හා සම්බන්ධ ; රටක හමුදාවට අයිති නැති.
සිවිල් අධිකරණය
නා. සිවිල් නඩු විසඳන උසාවිය.
සිවිල් අයිතිවාසිකම්
නා.ප්‍ර. රටක පුරවැසියන් සතු හිමිකම්.
සිවිල් ඉංජිනේරුවා
නා. සැලැස්ම සකස් කිරීම, ගොඩනැගිලි නිර්මාණය කිරීම කිරීම වැනි ඉංජිනේරු කටයුතු මෙහෙය වන විද්‍යාඥයා.
සිවිල් නඩුව
නා. අපරාධ කෝලාහල සංඛ්‍යාවට අයත් නොවන්නා වූ ද, ඉඩකඩම්, මුදල් වංචා, විවාහ ආදිය හා සම්බන්ධ වූ ද නඩුව.
සිවිල් නීතිය
නා. රටේ පවත්නා සාමාන්‍ය පොදු නීතිය.
සිවිල් පාලනය
නා. සාමාන්‍ය ප්‍රජා පාලන කටයුතු ; ත්‍රිවිධ හමුදාවේ පාලනයට අයත් නොවන පාලන කටයුතු.
සිවිල් යුද්ධය
නා. රටක් ඇතුළත ඒ රටේ පුරවැසියන් අතර ම ඇති වන යුද්ධය ; අභ්‍යන්තර යුද්ධය.
සිවිල් සේවය
නා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවය පෙර හැඳින්වූ නාමය.
සිවිලිම
නා. වහලකට යටින් සවි කරනු ලබන ලෑලි හෝ තහඩු තට්ටුව ; සියන් තලය.
සිවු
නා.ප්‍ර. සතර.
වි. හතරකින් යුත් ; සතරක් ඇති.
සිවු ඉරියවු
නා.ප්‍ර. යාම්, ඊම්, ඉඳුම්-හිටුම් යන සතර ආකාර ශාරීරික ඉරියවු.
සිවු උපාය
නා. සතුරන් පැරදවීමට ඉවහල් වන සාම, දාන, භේද, දණ්ඩ යන හතර උපක්‍රම.
සිවු කුලය
නා. පුරාණ භාරත දේශයෙහි රජ, බමුණු, වෙළඳ, ගොවි යනුවෙන් පැවතුණු කුල සතර.
සිවු දිග
නා. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර යන ප්‍රධාන දිශා සතර.
සිවු පදය
නා. පාද සතරකින් යුත් පද්‍යය ; සතර පද කවිය ; බෙහෙවින් සමුද්‍රඝෝෂ විරිතට අයත් වූ ද එළිසම සහිත වූ ද සතර පාදවලින් යුත් පද්‍යය.
සිවු බඹවිහරණ
නා.ප්‍ර. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන චතුර්විධ බ්‍රහ්ම විහාර.
සිවු රැස්
වි. සතරැස් හැඩය ඇති ; චතුරශ්‍ර ; හතරැස්.