සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1819
සිලිඳු
වි. මෘදු ; මටසිලිටු ; සිනිදු.
සිලිපිය
නා. සුළුපියා ; පියාගේ බාල සහෝදරයා.
සිලිම
1. නා. පවුමකින් 1/20 හෙවත් ශත පනහක වටිනාකමින් යුක්ත වූ ද, විසි වැනි සියවසේ මුල් භාගය තෙක් ශ්රී ලංකාවේ භාවිත වූ ද, ඉංග්රීසි කාසියක් ; ශත පනහක් වටිනා රිදී කාසියක් ; පනම් අට.
සිලිම්බිය
නා. දුම්බොන පයිප්පය.
සිලිමුව
නා.ප්ර. මී මැස්සා.
සිලියනවා
ක්රි. සෙලවෙනවා ; බුරුල් වෙනවා.
සිලිල්
වි. සීතල.
1. නා.ප්ර. ජලය ; වතුර.
2. වලාකුළ ; මේඝය.
සිලිල්බෙමු
නා.ප්ර. සලිල භ්රමය ; දියසුළිය.
සිලිලාර
නා.ප්ර. සාගරය ; මුහුද.
සිලිසික් අම්ලය
නා. අස්ඵටික ලොඳ ගොඩක් මෙන් තිබෙන අම්ලයක්.
සිලුපැන්
1. නා.ප්ර. ඇල් වතුර.
2. කුරුම්බා වතුර.
සිලූරිය
නා.ප්ර. (භූගෝ.) ඕඩොවිසීය සමයට පසුවත් ඩෙඩවෝනීය කාලයට පෙරත් පැවති භූ යුගය.
සිලෝව
1. නා. ගුණ ගායනාව ; ස්තූතිය ; ප්රශංසාව ; ප්රශස්තිය.
2. සංස්කෘත ශ්ලෝක විරිතින් බැඳි සිංහල ගීය ; සිලෝකය.
සිව
1. නා.ප්ර. ශිව දෙවියා.
2. යහපත ; ශාන්තිය.
3. යෝග 27න් එකක්.
4. අරළු.
5. මිනිරන්.
6. සවිඳ ලුණු.
7. සිවලා ; නරියා.
සිවංකර
වි. යහපත ඇති කරන ; ශාන්තිය ඇති කරන.
සිවංගුරු
නා.ප්ර. ආයුර්වේදයෙහි ඖෂධයක් වශයෙන් භාවිත කරනු ලබන ඛණිජ විශේෂයක්.
සිවකත
නා. ඊශ්වර භාර්යාව ; උමයංගනාව ; උමයඟන.
සිවගණ
නා.ප්ර. සිව දෙවි අදහන පිරිස ; හින්දු ජනයා.
සිවගන්වනවා
ක්රි. ශිවදෙවියන් ඇදහීමට/ශිව ආගම වැලඳ ගැනීමට සලසනවා.
සිවනඩිපාදම්
නා.ප්ර. සමනල කන්දට දමිළ ජනයා භාවිත කරන නාමය.
සිවලා
නා. සිවුපාකුගේ නාමය ; හිවලා ; නරියා.
සිවසුත
නා.ප්ර. (ඊශ්වර දෙවියන්ගේ පුතා යනු වාච්යාර්ථයි) ස්කන්ධ කුමාරයා ; කඳ සුරිඳු ; කතරගම දෙවි.
සිවාකරීසය
නා. කළං දොළහක බර ප්රමාණය.
සිවිකා සාලාව
නා. ක්රිස්තු පූර්ව සිවු වැනි සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් සිවලිංගය තැන්පත් කිරීම සඳහා හෝ සූතිකාගාරයක් නොහොත් ශාන්තිකර්ම ශාලාවක් වශයෙන් හෝ පිහිටුවන ලද ශාලාවක්.