සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1818
සිල් රකිනවා
ක්‍රි. සමාදන් වූ ශීලය ආරක්ෂා කරනවා ; කය, වචනය සංවර කරගෙන සිල් පද කඩ නොකර සිටිනවා.
සිල්පර
නා.ප්‍ර. රේල් පීලි සවි කිරීමට දුම්රිය මඟෙහි හරහට අතුරා ඇති ශක්තිමත් ලී හෝ කොන්ක්‍රීට් කඳන්.
සිල්ලර
1. වි. සාමාන්‍ය ; අප්‍රධාන ; කුඩා.
2. විශාල තොග වශයෙන් නොව සුළු ඒකකවලින් ලබාගත හැකි.
1. නා.ප්‍ර. කුළුබඩු ආදී පොදු ආහාර-පාන අවශ්‍යතා.
2. කුඩා වටිනාකමින් යුත් මාරුකාසි.
සිල්ලර වටිනාකම
නා. සාමාන්‍ය පවුලක දෛනික පරිභෝජනය සඳහා යොදාගන්නා භාණ්ඩ හා සේවාවල වටිනාකම ; ජීවන වියදම.
සිල්ලර වෙළඳාම
1. නා. තොග වශයෙන් නොව සුළු ප්‍රමාණයෙන් වෙළඳාම් කිරීම.
2. හාල් කුළුබඩු ආදි පොදු ආහාර පාන ද්‍රව්‍ය විකිණීම.
සිල්ලාරම
1. නා. ස්වල්පය ; ටික.
2. ශරීරයේ සෑදෙන නපුරුගෙඩි විශේෂයක්.
සිල්ලුව
1. නා. පැතලි රවුම් කුඩා ගල.
2. පුස් හෙවත් පුස් බටු ඇටය.
3. පුස් බටු ඇටවලින් කරන ක්‍රීඩාවක්.
4. පැලැස්තරය.
5. පැතලි යකඩ වළල්ල ; වොෂරය ; යකඩ විල්ල.
සිල්වතා
නා. ශීලයට අනුව ගුණදහම් වඩමින් දිවිපෙවෙත ගෙන යන තැනැත්තා ; ශීලවන්තයා.
සිල්වින්
නා.ප්‍ර. ස්වභාවික පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජය.
සිල්වියස් මාතිකාව
(පාරිභා.) නා. මධ්‍ය මස්තිෂ්කයේ කුහරය.
සිල්වීය පරිඛාව
නා. ක්ෂීරපායි සතුන්ගේ මස්තිෂ්කයේ තිබෙන ගැඹුරු හරස් හිඩැස.
සිලා
1. නා.ප්‍ර. ගල ; පාෂාණය.
2. රත්‍රං හා එක්කර සාදන ලද ගල් විශේෂයක්.
3. මනෝසීල
4. ඖෂධීය ලුණු වර්ගයක්.
වි. ශෛලමය ; ශෛල හා සම්බන්ධ.
සිලා කොට්ටක
නා.ප්‍ර. ගල් වඩුවා.
සිලා පේටකය
නා. ගලින් සාදන ලද පෙට්ටිය.
සිලා ලිපිය
නා. මට්ටම් කරන ලද ගලක කොටා ඇති ලියවිල්ල ; ශිලා ලේඛනය.
සිලි
1. වි. කුඩා ; නොවැදගත්.
2. ගලා ගිය ; උනන ලද ; වැගිරෙන ; චලිත.
1. නා.ප්‍ර. සුළු මොහොත ; ටික වේලාව.
2. ශීලය.
3. සිල් ඇත්තිය.
සිලිකන්
නා.ප්‍ර. අලෝහමය මූල ද්‍රව්‍යයක නාමය.
සිලිකා
නා.ප්‍ර. තිරිවාණ ගල් සහ වැලි වශයෙන් පවතින සිලිකන් ඩයොක්සයිඩය.
සිලිකේට්
නා.ප්‍ර. සිලිසික් අම්ලයේ ලවණ කොටසක්.
සිලිකෝන්
නා.ප්‍ර. පොලිෂ් වර්ග සඳහා ප්‍රයෝජනවත් සිලිකන් අන්තර්ගත, කාබනික සංයෝගයක්.
සිලිකෝසියාව
නා. වැලි දූවිලි ආදිය ආශ්වාසවීමෙන් සෑදෙන රෝගයක්.
සිලිටි
වි. මට්ටම් ; මෘදු ; සියුමැලි ; සිනිඳු.
සිලිදිය
නා.ප්‍ර. උනන ලද වතුර ; ඉනූ දිය.
සිලින්ඩරය
1. නා. අක්ෂයකට සමාන්තරව සංවෘත වක්‍රයක ගමන් කරමින් තිබෙන සරල රේඛාවක් නිසා සෑදෙන ඒකාකාර හරස්කඩකින් යුක්ත ඝනය.
2. පිස්ටනයක් ගමන් කරවිය හැකි විවරයක් ඇති කුටීරය.