සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1817

සිරිහළු

නා.ප්‍ර. චරපුරුෂයා.

සිරිහෙනවා

ක්‍රි. හිරි වැටෙනවා ; ස්පර්ශ වේදනාදිය නොදැනී යනවා.

සිරී

1. නා.ප්‍ර. ශ්‍රී කාන්තාව.
2. පැත්ත.
3. චරිතය ඇත්තා.
4. පුණ්‍ය කර්ම ; කුසල්.
වි. සිවුරැස්; හතරැස්.

සිරු

1. නා.ප්‍ර. දැරිය ; කුමරිය.
2. කපන ආයුධ විශේෂයක්.
3. රැහැයියා ; රෑහියා.
4. ශිරාව.
5. නගුල.

සිරුර

නා. ශරීරය ; කය.

සිරුරුකිස

නා.ප්‍ර. (ශරීරයේ පැවැත්මට අනිවාර්ය කටයුතු) මළ මුත්‍ර පහ කිරීම හා පිරිසිදු වීම ; ශරීර කෘත්‍යය.

සිරුරුමත්

වි. මූර්තිමත්.

සිරොක්කෝ

නා.ප්‍ර. මධ්‍යධරණී ප්‍රදේශවල තිබෙන උණුසුම් තෙත් සුළඟ.

සිරෝ

වි. හිසෙහි තිබෙන ; හිස පිළිබඳ.
නා.ප්‍ර. හිස ; ශීර්ෂය ; මුදුන.

සිරෝ ධාතුව

නා. බුදුරජාණන් වහන්සේගේ හිස.

සිරෝබ්‍යඞ්ග

නා.ප්‍ර. හිසෙහි තෙල් ගෑම.

සිරෝමාණික්‍යය

නා. මුදුනෙහි පලඳින මැණික ; සිළුමිණ.

සිරෝරුහ

නා.ප්‍ර.හිසකෙස්.

සිරෝරෝ

නා.ප්‍ර. හිසෙහි ලෙඩ.

සිරෝසියාව

නා. අවයවයක නියම පටක ක්ෂය වී ගොස්, සම්බන්ධක පටකය අසාමාන්‍ය ලෙස වැඩීම ලක්ෂණ කොට ඇති රෝගය.

සිල

1. නා. (පහන්) දැල්ල ; ශිඛාව.
2. සිහින්, කුඩා විවරය ; හිල.
3. ගල ; පර්වතය.

සිලංබුව

1. නා. පාසළඹ ; පාවළල්ල.
2. හරකුන්ගේ කූර අසල වූ සුදුපාට වටය ; හරකාගේ හුනුකුර.

සිලඟු

නා.ප්‍ර. පීඩාව ; වෙහෙස ; කරදරය.

සිලමන්

නා.ප්‍ර. ඉතා කුඩා කැබලි ; කුඩු.

සිලවු කරනවා

1. ක්‍රි. ලබාගත් සේවයක් හෝ ද්‍රව්‍යයක් වෙනුවට වෙනත් සේවයක් කරනවා නොහොත් ද්‍රව්‍යයක් දෙනවා.
2. යම් වැඩක යෙදී කාලය ගෙවනවා.

සිලවුව

නා. ලබාගත් උපකාරයක් හෝ ද්‍රව්‍යයක් වෙනුවට කරන ප්‍රත්‍යුපකාරය හෝ දෙන දෙය.

සිල්

1. නා.ප්‍ර. කායකර්ම වාක් කර්මයන්හි හික්මීම ; බුදුරජාණන් වහන්සේ විසින් නියමිත ශික්ෂාපද, ප්‍රඥප්ති, වත් පිළිවෙත් ආදිය අනුගමනය කිරීම ; ශීලය.

සිල් ගන්නවා

ක්‍රි. සිල් සමාදන් වෙනවා.

සිල් දෙනවා

ක්‍රි. භික්ෂුවක් විසින් සිල්ගන්නා අයට සිල්පද කියවා සිල් සමාදන් කරවනවා.