සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1918
ළබැඳියාව
නා. හදින් බැඳුණු බව ; හිතවත්කම ; මිත්‍රත්වය ; යහළුකම.
ළමන්දු
නා.ප්‍ර. මාතාව ; මව ; අම්මා.
ළමයා
නා. ළදරු වියෙහි සිටින්නා ; තරුණ බවට නොපැමිණි තැනැත්තා ; දරුවා.
ළමා උද්‍යානය
නා. ළමයින්ගේ විනෝදය සහ අධ්‍යාපනය සඳහා වෙන් වුණු උයන.
ළමා නිවාසය
නා. මව්පියන් හෝ හදා වඩා ගැනීමට අන් කවරකුවත් නැති බාල වයස්කාර දරුවන් රැකබලා ගන්නා ස්ථානය ; අනාථ දරු නිවස.
ළමා මෙහෙය
නා. බාල වයස්කාර ළමයින්ගෙන් ගන්නා වැඩ.
ළමා සාරිය
නා. ඉණට රැලිපටි ද, ගෙලට මන්තය ද සහිතව අඳින ඇඳුම.
ළමැඩිය
නා. ළපැත්ත ; පපුව මැද පෙදෙස.
ළමිස්සී
නා.ප්‍ර. ළමා වයස ඉක්මවූ දැරිය ; තරුණිය ; යුවතිය.
ළය
නා. හෘදය ; පපුව.
ළවග
නා. කැලයේ හටගන්නා ගින්න ; ලැව් ගින්න.
ළවන්
නා.ප්‍ර. ළපටි තණකොළ.
ළවාග්නිය
නා. ළවග ; ළැව්ගින්න.
ළසඳ
නා. පුර පක්ෂයෙහි පෑළවිය දිනයෙහි දක්නට ලැබෙන චන්ද්‍රයා ; නව සඳ.
ළහිරු
නා.ප්‍ර. උදා හිරු ; උදෑසන හිරු ; පායාගෙන එන සූර්යයා ; බාලාර්කයා.
ෆ්ලෝරිජන්
නා.ප්‍ර. මල් හටගැනීමට ශාඛාකුර ප්‍රබෝධ කරවන උත්තේජකාරක හෝමෝනයක්.
ෆ්ලෝරින්
නා.ප්‍ර. යුරෝපීයයන් ඵලක ලංකාවට හඳුන්වා දුන් කාසියක්.
ෆිලිටර් කඩදාසිය
නා. දියර වර්ග පෙරීම සඳහා යොදාගනු ලබන කඩදාසි.