සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 198

අස්මත්

සර්ව. අප; මා.

අස්මරි

නා.ප්‍ර. මූත්‍ර බොක්කේ ගල් සෑදීම නිසා ඇතිවන රෝගය; මූත්‍රගල්.

අස්මිමානය

නා. තමා සම්බන්ධයෙන් උපදනා මානය; මම ශ්‍රේෂ්ඨ වෙමියි සිතීම නිසා උපදින මානය.

අස්මී

නා.ප්‍ර. තුඹසක් තුළ වේයන් විසින් මී වදයක් වැනිව සාදනු ලබන කැදැල්ල.

අස්මුද්ද

නා. හංස රූපය සහිත මුද්‍රාව; රාජමුද්‍රාව.

අස්මෘතිය

නා. අමතක වීම.

අස්රිපු

නා.ප්‍ර. මහිෂයා; මීමා.

අස්රෙද්ද

(කථා.) නා. ලිපෙන් වළන් බෑමට පාවිච්චි කරන රෙදි කෑල්ල; දැලි රෙද්ද.

අස්වච්ඡ

වි. විනිවිද නොපෙනෙන; පාරදෘශ්‍ය නොවූ.

අස්වච්ඡන්දය

නා. සිය කැමැත්ත සේ ක්‍රියා නොකරන බව.

අස්වද්දනවා

1. ක්‍රි. කුඹුරු වගා කරනවා; ගොවිතැන් කරනවා.
2. ක්‍රි. යම් භූමියක් ගොවිකමට යෝග්‍ය වන සේ පිළියෙල කරගන්නවා.

අස්වදිනවා

ක්‍රි. සස්‍ය හටගන්නවා; අස්වැන්න ඇතිවෙනවා.

අස්වනවා

ක්‍රි. ශ්‍රවණය කරවනවා; කියවනවා; නැවත නැවත කියවනවා; පුහුණු කරනවා.

අස්වනු

නා.ප්‍ර. අස්වැන්න.

අස්වස

1. නා. හුස්ම ගැනීම; ආශ්වාසය.
2. නා. අස්වැසිල්ල; සහනය.

අස්වසනවා

ක්‍රි. සනසනවා; සහනය සලසනවා.

අස්වස්ථ

වි. ස්වස්ථභාවයෙන් තොර; රෝගාතුර වූ.

අස්වාදු

වි. මිහිරි නොවන; අමිහිරි; නීරස.

අස්වාභාවික

වි. ස්වාභාවික නොවූ; අසාමාන්‍ය; කෘත්‍රිම.

අස්වාමික

1. වි. හිමියකු නැති; අයිතිකරුවකු නැති.
2. වි. අවිවාහක.

අස්වාස්ථ්‍ය

නා.ප්‍ර. රෝගීබව; රෝග අවස්ථාව.

අස්වැන්න

නා. වැවිලි ආදියෙන් ලැබෙන පලදාව; ගොයම් ආදියෙන් ලැබෙන කරල; ශස්‍ය ඵලය.

අස්වැසිල්ල

නා. සිතෙහි ඇතිවන සැනසිලි ස්වභාවය; සැනසිල්ල.

අස්වෙනවා

ක්‍රි. ඉවත් වෙනවා.