සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 279
ඉස් අඩිය
(කථා.) නා. හිසින් බර ඉසිලීමේ දී පහසුව සඳහා ඉස මත තබන කුඩා කොට්ටය හෝ දරණුව.
ඉස් කබල
නා. මොළය වසා පිහිටි අස්ථිමය ආවරණය; කපාලය; හිස්කබල.
ඉස් බඳිනවා
(කථා.) ක්රි. බාධක අතහැර යම් කාර්යයක් සඳහා ඉදිරිපත් වෙනවා.
ඉස් බැරැක්කය
(කථා.) නා. මුදු ආදියෙහි ඇද හැරීම පිණීස රන්කරුවා විසින් පාවිච්චි කරනු ලබන උපකරණයක්.
ඉස් මොළය
නා. ඉස්කබල යට පිහිටි මොළය; ඉස් මොළය; මත්ථලුංගය.
ඉස් ලූ ලූ අත
ක්රි.වි. ඔළුව හැරුණු හැරුණු පැත්තට; හිස හැරුණු දිශාවට.
ඉස්කඩ
1. (කථා.) නා. හිසෙහි බඳින රෙදි කඩ; ජටාව.
2. නා. යමක උඩු කොටස හෝ ඉහළ පාර්ශ්වය.
3. නා. ඇඳක හිස තබන පැත්තේ උඩට නෙරා තිබෙන සේ ඇඳේ රාමුවට සවි කොට ඇති ලෑල්ල; ඉස් ලෑල්ල.
ඉස්කඩතෝලිය
(කථා.) නා. ඉස්කොත්තෝරිය.
ඉස්කඩිත්ත
නා. ළිඳක නාන වතුර එක් රැස්වන දිය කඩිත්ත.
ඉස්කරතෝරිය
(කථා.) නා. ඉස්කොත්තෝරිය.
ඉස්කාගාරය
නා. අරක්කු හෝ මත්පැන් පෙරන ස්ථානය.
ඉස්කාරම්
නා.ප්ර. කාරම්; ක්ෂාරය.
ඉස්කිරි
නා.ප්ර. ගාන ලද පොල්වලින් පළමු වරට මිරිකාගත් කිරි; මිටිකිරි.
ඉස්කිරීම
1. නා. ආවරණය පිණිස හෝ කාමරයක් හෝ කාමරයකින් කොටසක් හෝ වෙන් කිරීමට පාවිච්චි කරන ගෘහ භාණ්ඩයක්; ආවරණය.
2. (කථා.) නා. හරස් අතරට ලී පටි ගසා රෙදි දැමීම පිණිස සාදාගන්නා උපකරණය; කවිස්තෝක්කය.
ඉස්කුරුප්පු අන්තරාලය
(පාරිභා.) නා. ඉස්කුරුප්පුවක අනුගාමී පොටවල් දෙකක් අතර සිරස් දුර ප්රමාණය (=pitch of a screw).
ඉස්කුරුප්පු ආමානය
(පාරිභා.) නා. කම්බියක විෂ්කම්භය වැනි කුඩා මානයක් මැනීම පිණිස භාවිත කරනු ලබන උපකරණයක් (=screw gauge).
ඉස්කුරුප්පු ඇණය
නා. වටේට දඟරාකාර පොටවල් කපා ඇති ඇණය.
ඉස්කුරුප්පු කැටය
(පාරිභා.) නා. කැපෙන දාරවලින් යුක්ත පොටවල් කපන ලද කුහරයක් ඇති, ඉස්කුරුප්පු පොටවල් කැපීම පිණිස යොදා ගන්නා වානේ කෑල්ල (=die).
ඉස්කුරුප්පු ජැක්කුව
(පාරිභා.) නා. දිග ලීවරයකින් කරකැවිය හැකි ඉස්කුරුප්පු පෙත්තක මාර්ගයෙන් උඩට ඉස්සෙන ඉස්කුරුප්පු පොටවල් ඇති දණ්ඩකින් යුක්ත, යම්කිසි බරක් ඉස්සීමට යොදා ගන්නා එහා මෙහා ගෙන යා හැකි යන්ත්ර විශේෂයක් (=screw-jack).
ඉස්කුරුප්පු නියන
නා. ඉස්කුරුප්පු ඇණ සවි කිරීමට හෝ ගැලවීමට හෝ පාවිච්චි කරන උපකරණය.
ඉස්කුරුප්පු පිත්ත
(පාරිභා.) නා. සිහින් ලෝහ කූරක ඉස්කුරුප්පු පොටවල් කපා ගැනීම සඳහා ප්රයෝජනයට ගන්නා (නා නා තරමේ විෂ්කම්භයෙන් යුත් සිදුරු ගණනාවක් සහිත අත් දණ්ඩක් සවිකර ඇති) පණ පෙවූ තුනී වානේ තහඩුව(=screw plate).
ඉස්කුරුප්පුව
1. නා. පිටතින් දඟරාකාර පොටවල් කපන ලද සිලින්ඩරය.
2. නා. ඇතුළතින් දඟරාකාර පොටවල් කපන ලද සිලින්ඩරාකාර කුහරය.
3. නා. ඉස්කුරුප්පු ඇණය. ඉස්කුරුප්පු පොට.
ඉස්කෙන්ද
නා.ප්ර. මී මැසි සමනළ වැනි කුඩා සතූන්ගේ ඔළුවේ ඉදිරිපස දෙපැත්තේ තිබෙන අං දෙක වැනි කෙඳි දෙකෙන් එකක්; ස්පර්ශකය.
ඉස්කෙළිය
1. නා. හිසෙහි මුදුන; ඉස් මුදුන.
2. නා. ඉස්මුදුන පමණක් පෙනෙන දුර; පේන තෙක් මානය; දර්ශන පථය.