සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 280
ඉස්කොත්තෝරිය
(කථා.) නා. වටිනා බඩු තබන පෙට්ටිය; මනමාලයකුගේ ගෙදරට මනමාලියගේ ඇඳුම් ගෙන යන පෙට්ටිය; ඉස්කඩතෝලිය.
ඉස්කෝප්ප හැන්ද
(පාරිභා.) නා. හුණු බදාම ආදිය ඇනීමටත්, පස්, රට අඟුරු ආදිය ඉස්සීමටත්, පස් පෙරළීමටත් ගන්නා හතරැස් ආකාර තලයක් ඇති විශාල හැන්දක් වැනි උපකරණය (=shovel).
ඉස්කෝප්පය
1. නා. කඩදාසි කුට්ටමෙහි කළු බෝකොළ ආකාර රූ සටහන් ඇති කොළය.
2. නා. මල් පාත්ති ආදියෙහි පස් පයින් තද කොට හැරීමට හා බුරුල් කිරීමට ගන්නා හැන්දක ආකාරය ඇති උපකරණය.
ඉස්කෝලය
නා. පාසල; පාඨශාලාව; විද්‍යාලය.
ඉස්ගෙඩියා
නා. බිත්තරයෙන් පිට වුණු මැඩි පැටවා; මැඩි කීටයා.
ඉස්ටුව
නා. මස්, මාළු, එළවළු, පලතුරු ආදිය මිශ්‍ර කොට පිළියෙල කරගන්නා කෑම විශේෂයක්.
ඉස්ටේසම
නා. දුම්රිය නවත්වන ස්ථානය; දුම්රියපොළ.
ඉස්ටෝරුව
නා. බඩු ගබඩාව.
ඉස්තරම්
වි. ඉතා හොඳ; ශ්‍රේෂ්ඨ; උසස් වර්ගයට අයිති.
ඉස්තරාදුව
(කථා.) නා. පෘතුගීසි හා ලන්දේසි සැලසුම් අනු ව තැනූ ගෘහවල ඇතුළු සාලය හෙවත් හිඳින සාලය තුළ හිඳ ගැනීම සඳහා බිමෙන් උස් ව සිටින සේ තනන ලද වේදිකාව.
ඉස්තාදු
නා.ප්‍ර. තත්ත්වය; ආකාරය.
ඉස්තාලය
නා. අසුන් බඳින ගොඩනැගිල්ල; අස්හල.
ඉස්තැල්ම
1. (කථා.) නා. බරකරත්තයේ අච්චු කඳ හෝ කරත්ත තට්ටුවේ දෙපැත්තේ ලොකු ලී දෙක.
2. නා. කරත්තේ බඳින ගොනාගේ කර වටා බඳින පටිය.
ඉස්තිරික්කය
නා. රෙදිවල රැලි ඇරීම පිණීස රත්කොට මදින උපකරණය.
ඉස්තෝප්පුව
නා. ගෙයි ආලින්දය; බරාඳය.
ඉස්තෝලය
නා. (ක්‍රිස්ති.) පූජකයන් විසින් පපුවේ දෙපැත්තෙන් වැටෙන ලෙස කරේ දමන සේද සළුව; පූජක පටිය.
ඉස්දොර
නා. නිදනවිට හිස තබන තැනට ඉහළ පෙදෙස හෝ පැත්ත; ඉහ ඉද්දර; හිස දරන දිශාව.
ඉස්නන්
නා.ප්‍ර. ඉසින ලද වී පැළ වී ගෙන එන විට කෙතට වතුර බැඳීම.
ඉස්නන් බඳිනවා
ක්‍රි. ඉසින ලද වී පැළ වී ගෙන එන විට කෙතට දිය ලැබෙන සේ කුඹුරේ වක්කඩ අහුරා දිය බඳිනවා.
ඉස්පංචිය
1. නා. ඉතා නොදියුණු බහු ශෛලික සත්ත්ව වර්ගයක්; ඉස්පන්ජිය.
2. (කථා.) නා. ඉස්පන්ච් කේක්.
ඉස්පයිය
නා. හිස් වැස්ම; තොප්පිය.
ඉස්ප්රීතු සාන්තු
නා. ශුද්ධාත්මයාණන් වහන්සේ.
ඉස්ප්‍රීතුව
නා. (ක්‍රිස්ති.) (දෙවියන් වහන්සේගේ) ආත්මය.
ඉස්පාසුව
නා. ඉඩ; අවකාශය; විවේකය; ඉවසිල්ල.