සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 326

උපමුඛය

(පාරිභා.) නා. ලෝහ නළ, වස්දඬු ආදි සංගීත භාණ්ඩ පිඹීමේ දී කටට තබා ගන්නා කොටස.

උපමේය

වි. උපමා කළ හැකි; උපමා කටයුතු.
නා. උපමා කරනු ලබන වස්තුව.

උපයනවා

ක්‍රි. උපදනවා; ඇතිකරනවා; නිපදවනවා; සම්පාදනය කරනවා.

උපයා කනවා

ක්‍රි. ජීවිකාව කරගන්නවා; දිවි රකිනවා; අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා.

උපයුක්ත

1. වි. සුදුසු; අදාළ; නියම.
2. වි. යුක්ත වූ; ඇතුළත් වූ.

උපයෝගකය

(පාරිභා.) නා. එක ම ප්‍රමාණයෙන් යුක්ත නොවූ උපකරණ කොටස් දෙකක් සම්බන්ධ කරන උපකරණය (=adapter).

උපයෝගය

1. නා. යෙදීම; පාවිච්චියට හෙවත් භාවිතයට ගැනීම.
2. (ව්‍යාක.) නා. පැරණි පොතපතෙහි කර්ම විභක්තියට ව්‍යවහාර කළ නාමය.

උපයෝගී

වි. යෙදෙන; ගැළපෙන; සුදුසු.

උපයෝජනය

1. (පාරිභා.) නා. යෙදීම; ප්‍රයෝජනයට ගැනීම; ප්‍රතියෝජනය; පාවිච්චියට හෙවත් භාවිතයට ගැනීම.
2. නා. විවිධ දුරවල වස්තූන් පිහිටීමේ දුර අනු ව නිසි දුර වෙනස් කර ගැනීමට ඇසට ඇති හැකියාව පැහැදිලි ව දැකීම සඳහා වන වෙනස් වීම (=accommodation exploitation).

උපයෝජිත

වි. යොදනු ලැබූ; පාවිච්චි කරන ලද.

උපරජ

නා. දෙවන රජ; යුවරජ.

උපරත

වි. වැළකුණු; වෙන් වූ.

උපරාගය

1. නා. වර්ණවත් කිරීම.
2. නා. (සූර්ය හෝ චන්ද්‍ර) ග්‍රහණය.
3. (සංගී.) නා. මාර්ග රාගයෙහි ප්‍රභේදයක නාමය.
4. නා. යුවරජ තනතුර; දෙවෙනි රජකම.

උපරාජ්‍යය

1. නා. ප්‍රධාන රාජධානියකට යටත් ප්‍රදේශීය හෝ කුඩා හෝ රාජ්‍යයන්.
2. නා. යුවරජ තනතුර; දෙවෙනි රජකම.

උපරි

නි. උඩින් හෝ මත්තෙහි වූ; ඉහළින් වූ; උඩ; ඉහළ; අධික; වඩා.
ක්‍රි.වි. උඩට; ඉහළට.

උපරිකූපය

(පාරිභා.) නි. බීජාංකුරයක බීජපත්‍රවලට ඉහළින් ඇති කෝෂයේ කොටස (=epicotyl).

උපරිතන

වි. වඩා ඉහළින් වූ; මත්තෙහි වූ.

උපරිතලය

නා. කුටියක හෝ ප්‍රාසාදයක හෝ උඩුමහල නොහොත් මතුමහල; උඩ තට්ටුව.

උපරිතානය

(පාරිභා.) නා. සංකීර්ණ තානයක මූලික සංඛ්‍යාතයට ඉහළින් තිබෙන ඕනෑ ම ස්වරයක් (=overtone).

උපරිදර්ශන යන්ත්‍රය

(පාරිභා.) නා. පාරාන්ධ වූ ද පාරදෘශ්‍ය වූ ද ප්‍රතිබිම්බ තිරයක් මත ප්‍රක්ෂේප කරන උපකරණය; එපිඩයස්කෝපය (=epidiascope).

උපරිදික්

නා.ප්‍ර. ඉහළ දිසාව; උඩ දිසාව.

උපරිනිර්මාණය

නා. යමක් මත ඉදි කොට ඇති දෙය.

උපරිනිවාසකය

(පාරිභා.) නා. පෝෂණය අතින් ස්වාධීනව වෙනත් ශාකයක් මත වැඩෙන ශාකය; අපිශාකය; උපරිජීවි පැළෑටිය; (=epiphyte).

උපරිභාගය

නා. උඩුභාගය; ඉහළ කොටස.