සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 327
උපරිභූමක
(පාරිභා.) වි. ඇටපියලි හෙවත් බීජපත්ර පොළොවෙන් උඩට ඇදෙමින් ප්රරෝහණය වන.
උපරිම
වි. ඉහළින් පිහිටි; උඩ ම; ඉතා ම උසස්; ශ්රේෂ්ඨතම.
උපරිම කාය
නා.ප්ර. (මනුෂ්ය ශරීරයෙහි) නාභියෙන් උඩ කොටස; උඩු කය.
උපරිමය
(පාරිභා.) නා. වැඩිම ගණන හෝ ප්රමාණය(=maximum).
උපරිවෘක්ක
(පාරිභා.) වි. වකුගඩුව මතුයෙහි හෝ ඊට උඩින් පිහිටි; අධිවෘක්ක.
උපරිස්ථ
වි. උඩින් පිහිටි; මත්තෙහි පිහිටි.
උපරූපරිභාවය
නා. මතුමත්තෙහි ඇති වීම; වර්ධනය වීම.
උපරෝධක
වි. වළක්වන; බාධා කරන.
උපලක්ෂණය
1. නා. එකක් සඳහන් කොට සමූහයක් හැඳින්වීමේ ලක්ෂණය; සමූහයක් හැඳින්වීමට ලකුණක් වශයෙන් යොදන ශබ්දය.
2. (ව්යාක.) නා. එළඹ සිටි ලක්ෂණය; සමීපස්ථ ලක්ෂණය.
උපලක්ෂ්යය
නා. අවබෝධ කටයුතු දෙය; අනුමානයෙන් සිතාගත යුත්ත.
උපලක්ෂිත
1. වි. ආවේණික ගුණාංගවලින් යුක්ත වූ; උපලක්ෂණයෙන් යුක්ත වූ; අලංකාර වූ.
2. වි. හඟවන ලද; යෝජිත.
උපලබ්ධ
වි. ලැබුණු; ලබාගත්; දක්නා ලද; ප්රත්යක්ෂ කළ.
උපලබ්ධි බලය
(පාරිභා.) නා. බල කීපයක් එක්තැන් වීමෙන් සෑදෙන බලය; සම්ප්රයුක්ත බලය (=resultant force).
උපලබ්ධිය
1. නා. පෙනීම; දැනීම; අවබෝධය; ඥානය.
2. නා. වත්කම් චැක්පත් ආදිය මුදල් බවට පරිවර්තනය කිරීම(=realization).
උපලභ්ය
වි. ලැබිය යුතු; දත යුතු.
උපලය
1. නා. ගල්කැටය; පාෂාණය.
2. නා. වර්ණවත් මැණික් විශේෂයක නාමය.
උපලාපනය
නා. චාටුබස් කීමට පෙලඹීම.
උපලාලනය
නා. නැළවීම; පෙලඹවීම.
උපලිප්ත
වි. තවරන ලද; ගාන ලද.
උපලේඛනය
(පාරිභා.) නා. ප්රධාන ලේඛනයට අමුණා ඇති විස්තර සහිත අතුරු ලේඛනය (=schedule).
උපලෝහය
(පාරිභා.) නා. අප්රධාන ලෝහය; ලෝහයක හෝ අලෝහයක ලක්ෂණ ඇති ද්රව්යය.
උපවදන
නා. දෝෂාරෝපණය; අපවාදය.
උපවාදක
වි. දෝෂාරෝපණය කරන; ගර්හා කරන.
උපවාදිත
වි. චෝදනා කරනු ලැබූ; ගර්හා කරනු ලැබූ.