සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 325
උපප්රමාණ කිරීම
නා. මුදල්වල නියමිත වටිනාකම පහත හෙළීම.
උපප්රමේය
නා.ප්ර. පළමුවෙන් දැක්වූ නිගමනයට ඈඳා ගන්නා වූත් එනිසා අවශ්යයෙන් ම ලැබෙන්නාවූත් දෙවන නිගමනය; උපනිගමනය; උපසිද්ධාන්තය.
උපපාතය
නා. විශිෂ්ට වූ ඉපදීම; ඕපපාතික ප්රතිසන්ධිය.
උපපාදුක
වි. මව්කුස පිළිසිඳ ගැන්මක් නැති ව එක වරටම අංග සම්පූර්ණ ව උපන්; ඉබේ පහළ වූ; ඕපපාතික.
උපපාරමිතා
නා.ප්ර. බෝසතාණන් වහන්සේ ස්වකීය ශරීරාවයව කැපකොට පිරූ පාරමිතා; එනම් ශරීරාවයව නොතකා පිරූ පාරමිතාව.
උපපීඩක
වි. පීඩා කරන; පෙළන.
උපපීඩක කර්මය
නා. (අභි.) ජනක කර්මයෙන් ප්රතිසන්ධිය ලැබූ පසු ඇතිවන්නා වූ සැපදුක් බොහෝ කල් පැවැත්මට ඉඩ නොදී ඊට බාධා කරන කර්මය.
උපපීඩනය
1. නා. ශරීර වධය; දැඩි මානසික හෝ කායික හෝ වේදනාව.
2. නා. ප්රතිවිපාකය; පළිගැනීම.
උපඵලය
(පාරිභා.) නා. ප්රධාන ද්රව්යයට අමතර වශයෙන් උපදින ද්රව්යය; අතුරු නිෂ්පාදිතය; අතුරු ඵලය (=by-product).
උපබද්ධය
නා. (ග්රන්ථයක කෙළවරට) අතිරේක වශයෙන් එකතු කරන ලද කොටස; පරිශිෂ්ටය.
උපබ්රෑහණය
නා. වැඩීම; වර්ධනය.
උපභාෂාව
නා. එක් සම්මත භාෂාවක් ව්යවහාර කරන ජනතාව අතර දේශීය වශයෙන් හෝ සමාජීය වශයෙන් විශේෂත්වයක් දැක්වෙන ව්යවහාර භාෂාව.
උපභූමිය
නා. පෘථිවි පෘෂ්ඨයට යටින් තිබෙන පස් තට්ටුව.
උපභෝග පරිභෝග වස්තු
නා.බහු. භුක්ති විඳීමට සුදුසු වස්තු හා පාවිච්චියට ගැනීමට සුදුසු වස්තු.
උපභෝග වස්තු
නා.බහු. කෑම බීම ආදි භුක්ති විඳින දේ සහ පාවිච්චි කරන දෙය.
උපභෝගය
නා. භුක්ති විඳීම; පාවිච්චි කිරීම; කෑමබීමාදී භුක්ති විඳින දෙය; පාවිච්චි කරන දෙය.
උපභෝගාර්හ
උපමා කථාව
නා. උපමා හෝ නිදර්ශන මාර්ගයෙන් කරුණු පැහැදිලි කරන කථාව.
උපමා රූපකය
නා. (අලං.) රූපකාය මත උපමාවක් යෙදීමෙන් ඇතිවන කාව්යාලංකාරය.
උපමාතාව
නා. කිරි මව.
උපමානය
නා. වෙනස් වූ වස්තු දෙකක් අතර ඇති සමානකම පෙන්වා දීම; සමාන කිරීම; උපමාව.
උපමාර්ථ
[උපමා + අර්ථ]
වි. සැඟවුණු අර්ථ ඇති; සඟවා පැවසූ අර්ථයෙන් යුත්.
උපමාව
1. නා. සංසන්දනය; සදෘශ්යය; සමානත්වය; එක් දැයක් තවත් දැයක් වැනි යැයි කරන ප්රකාශය.
2. නා. නිදර්ශන සහිත කථාව; උදාහරණය; නිදර්ශනය.
උපමිතිය
නා. සමාන කිරීම; උපමා කිරීම; සමානකම.