සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 347
ඌර්ණනාභ
නා.ප්ර. (නාභියෙහි ඌර්ණ නම් විශේෂ ලෝම ඇත්තා) මකුළුවා.
ඌර්ණායුව
නා. ලෝමවලින් කරන ලද වස්ත්රය; කම්බිලිය.
ඌර්ණායුවා
නා. ලෝම ඇති සතා; එළුවා නොහොත් බැටළුවා.
ඌර්ධ්ව
1. වි. ඍජු; උඩුකුරු.
2. වි. උඩින් පිහිටි.
ඌර්ධ්ව කක්ෂය
(පාරිභා.) නා. හෘදයවස්තුවේ ඉහළ කොටසෙහි ඇති ගර්භයක්; හෘත්කර්ණිකාව (=auricle of heart).
ඌර්ධ්ව කණ්ඨය
නා. උගුරෙහි ස්වරතන්තු පිහිටි කුහරය; ස්වරාලය.
ඌර්ධ්ව කෝණය
(පාරිභා.) නා. ත්රිකෝණයක ශීර්ෂයෙහි ඇති කෝණය; සිරස් කෝණය (=vertical angle).
ඌර්ධ්ව ඩිම්බකෝෂ යෝගය
නා. මලක මණිය, මුකූටය හා රේණු අධරඩිම්බකෝෂය උඩ පිහිටීම; අපිඡායාංග යෝගය (=epigynous insertion).
ඌර්ධ්ව තාල්වස්ථි
නා.ප්ර. උඩුතල්ලේ අස්ථි (දෙක).
ඌර්ධ්ව ධරණය
(පාරිභා.) වි. (ගණිත.) සමාන්තරාශ්රයක උඩු පැත්තේ භූජය නොහොත් පාදය (=upper base).
ඌර්ධ්ව පාතනය
(පාරිභා.) නා. ඝන ද්රව්යයක් ද්රව බවට නො පැමිණ වාෂ්ප බවට පත් වීම (=sublimation).
ඌර්ධ්ව බන්ධකය
නා. හදිසි ප්රවෘත්ති ආවරණය කිරීම සඳහා යොදා ගන්නා අතින් ඔසවා ගෙන යා හැකි සන්නිවේදන උපකරණයක්.
ඌර්ධ්ව බලය
නා. උඩු අතට තෙරපීමේ බලය.
ඌර්ධ්ව බාහුව
නා. අතේ වැළමිටෙන් උඩ කොටස.
ඌර්ධ්ව මාර්ගය
නා. ආහාර උදරයට පිවිසෙන මාර්ගය; උදරයට උඩින් වූ ආහාර මාර්ගය.
ඌර්ධ්ව මුඛය
(පාරිභා.) නා. ගලනාලය ආමාශයට එක් වන ස්ථානය.
ඌර්ධ්ව රේඛාව
1. නා. මැණික් කටුවෙන් පටන්ගෙන මැදැඟිල්ල දෙසට වැටී තිබෙන රේඛාව; ධන රේඛාව.
2. (පාරිභා.) නා. හරි කෙළින් ඇති රේඛාව; සිරස් රේඛාව.
ඌර්ධ්ව ලෝකය
නා. දිව්යලෝකය.
ඌර්ධ්ව ශ්වාසය
නා. දීර්ඝ ලෙස උඩට හුස්ම ගැනීම; හති ලෑම.
ඌර්ධ්ව හෘත්කෝෂය
(පාරිභා.) නා. හෘදය වස්තුවේ ඉහළ කොටසේ ඇති කෝෂ දෙකෙන් එකක්; හෘත්කර්ණිකාව (=auricle).
ඌර්ධ්වංඞ්ගම
වි. උඩට හෙවත් ඉහළට යන.
ඌර්ධ්වකාය
නා.ප්ර. ශරීරයේ උඩ කොටස.
ඌර්ධ්වකාරක ප්රිස්මය
(පාරිභා.) නා. ප්රතිබිම්බයක් උඩුකුරු කිරීමට යොදනු ලබන ප්රිස්මය (=erecting prism).
ඌර්ධ්වස්ථ
1. වි. උඩින් හෝ මත්තෙහි පිහිටි.
2. වි. වඩා උසස්.