සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 351
ඍතු මාර්ගය
නා. යෝනිමුඛයේ සිට දරුබොක්ක තෙක් මාර්ගය; යෝනි මාර්ගය.
ඍතු සන්ධිය
නා. ඍතු දෙකක් එක් වන කාලය; එක් ඍතුවක් අවසාන වී ඊළඟ ඍතුව ආරම්භ වන අවස්ථාව.
ඍතු සේවනය
නා. ඍතුවලට අනුකූල පැවැත්ම හෙවත් එපරිද්දෙන් කටයුතු කිරීම.
ඍතුජ
වි. ඍතුවෙන් හටගත්; ශීතෝෂ්ණ ගුණයෙන් උපන්.
ඍතුඵල විද්‍යාව
(පාරිභා.) නා. ජීව වස්තු හා ඍතු අතර සම්බන්ධය පිළිබඳ විද්‍යාව.
ඍතුමතී
නා.ප්‍ර. ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට සුදුසු කාලය පැමිණි ස්ත්‍රිය.
ඍතුමදය
නා. ඍතුව නිසා උද්දාම වන මදය.
ඍතුරාජ
නා.ප්‍ර. වසන්ත ඍතුව.
ඍතුව
1. නා. සුදුසු හෝ යෝග්‍ය කාලය.
2. නා. ශීතෝෂ්ණ වර්ෂාදි ගුණ සලකා වර්ෂයක් බෙදනු ලබන කාලපරිච්ඡේදය.
3. නා. ශීත, උෂ්ණ, තෙත් ආදි ස්වාභාවික ගුණය, කාලගුණය.
4. නා. ඔසප් වීම; මල්වර වීම.
ඍතුසත්ප්රාය
නා.ප්‍ර. කාලගුණයේ යෝග්‍ය බව හෝ යහපත්බව; යහපත් කාලගුණය සහිත බව.
ඍතුසම්පන්න
වි. (යෝග්‍ය) කාලගුණයෙන් හෝ දේශගුණයෙන් යුක්ත.
ඍද්ධි චිත්තය
නා. ඍද්ධි බලයෙන් යුත් සිත.
ඍද්ධි ඥානය
නා. ඍද්ධි විධි දක්නා නුවණ.
ඍද්ධි පලිබෝධය
නා. (අභි.) ඍද්ධි බලය හේතු කොට ගෙන චෛතසික වර්ධනය කෙරෙහි ඇති විය හැකි බාධාව.
ඍද්ධි ප්රාතිහාර්යය
නා. ඍද්ධි බලයෙන් දක්වන ආශ්චර්යය.
ඍද්ධි පූජාව
නා. ඍද්ධි ප්රාතිහාර්ය බලයෙන් කරන පූජාව.
ඍද්ධි බලය
නා. සිත දියුණු කිරීමෙන් ආශ්චර්යවත් දෑ කිරීම සඳහා ඇති වන ශක්තිය.
ඍද්ධි විකුර්වණය
නා. ඍද්ධිමය ප්රාතිහාර්ය පෑම; ප්‍රකෘති රූපය අත්හැර ඍද්ධියෙන් විවිධ රූප දැක්වීම.
ඍද්ධි වෙනවා
ක්‍රි. ඍද්ධි බලයෙන් නොපෙනී යනවා.
ඍද්ධිපාද
නා.ප්‍ර. ඍද්ධියට මුල් වන හෙවත් අධිපති වන ප්‍රත්‍යය; ඍද්ධියට පදනම් වන ධර්ම.
ඍද්ධිමතා
නා. ඍද්ධි බලය හිමි තැනැත්තා; චිත්ත බලයෙන් ආශ්චර්යවත් දෑ කළ හැකි පුද්ගලයා.
ඍද්ධිය
1. නා. වැඩීම; වර්ධනය.
2. නා. ධනසම්පත්තිය; සමෘද්ධිය.
3. නා. භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය; අධිමානසික බලය; ප්රාතිහාර්ය පෑමේ හැකියාව.
ඍෂභධ්වජයා
නා. ගොනකුගේ සටහන ඇති කොඩියක් දරන්නා; ශිව දෙවියා.
ඍෂභය
නා. සප්තස්වර අතුරෙන් දෙවැන්න වන ‘රි.’