සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 473
කෑදර
1. වි. කෑමට බීමට ගිජු.
2. වි. වස්තුවට දැඩිසේ ආශා කරන.
නා.ප්ර. දැඩි ආශාව.
කෑඳුර
නා.ප්ර. කන්සිදුරෙහි තැන්පත් වන මල; කලාඳුරු.
කෑමුරගසනවා
ක්රි. කෑකෝ ගසනවා; ඝෝෂා කරනවා.
කෑල්ල
නා. කොටස; කඩ; ඛණ්ඩය.
කෑලි වැටුප්
(පාරිභා.) නා. කරන වැඩ කොටස් අනුව ගෙවන වේතනය (=piece work wages).
කි
නි. කිනම්; කවර; කෙබඳු
කිංකර
වි. කී දෙය කරන; කීකරු; යටහත් පහත්.
නා.ප්ර. දොරටුපාලයා.
කිංකිණි
1. නා.ප්ර. කුඩා මිණිගෙඩිය.
2. නා.ප්ර. තූර්ය භාණ්ඩ විශේෂයක්.
කිංකිණිකජාල
1. නා.ප්ර. මිණිගෙඩි මාලාව හෝ දැලක ආකාරයෙන් අමුණා ගත් මිණිගෙඩි සමූහය.
2. නා.ප්ර. ගිගිරි වැල; සිවුසැට ආභරණවලින් එකක් වන ගිගිරි වැළ.
කිංකුසලය
නා. සර්වඥතාඥානය.
කිංගිලියා
නා. සේවකයා; මෙහෙකරුවා; දූතයා.
කිංවාදි
නා.ප්ර. කවර වාදයක් හෝ ධර්මයක් දරන්නා.
කිකරි
වි. කීකරු.
කිකී
නා.ප්ර. කිරළ පක්ෂිධේනුව; කිරළිය.
කිඤ්චිත්
නි. කිසි; කිසියම්.
1. නා.ප්ර. කිසිවක්; කිසිදෙයක්.
2. නා.ප්ර. පැරණි මිණුම් ක්රමයක්.
කිඤ්චින්මාත්රය
නා. ස්වල්පය; ස්වල්ප මාත්රය.
කිඤ්ජල්ක
1. නා.ප්ර. නෙළුම් මල් රේණු (පියුම්) මල් කෙසුරු.
2. නා.ප්ර. නාමල් රේණු.
කිඤ්ජාලය
නා. මකුළුදැල.
කිට්ට
1. නා.ප්ර. අපවිත්ර දේ; මල.
2. නා.ප්ර. යබොර.
කිට්ටංගිය
(කථා.) නා. සහල් ආදිය රැස් කොට තබන ගබඩාව; බඩු ගබඩාව; කිත්තන්ගේ.
කිට්ටු
වි. ළඟ වූ; ආසන්න වූ.
කිට්ටුව
නා. ළඟ; සමීපය; ආසන්න වූව; කිට්ටු.
කිට්ටුවර
වි. ළං වූ; ආසන්න වූ; (නෑකමින්) සමීපස්ථ.
කිට්සන් ලාම්පුව
නා. භූමි තෙල් හා වාතය මාර්ගයෙන් මැන්ටලය දැල්වීමෙන් ආලෝකය දෙන ලාම්පු විශේෂයක්.