සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 472

කැලිපරය

(පාරිභා.) නා. කලපාසය.

කැලුම

1. නා. කාන්තිය; ප්‍රභාව; දීප්තිය; රශ්මිය; පැහැය; මනහර බව.
2. නා. මහනෙල් මල.

කැවිඩිය

නා. කාක ධේනුව; කපුටුදෙන.

කැවිලි

1. නා.ප්‍ර. කෑමට ගන්නා දේ; ආහාරය; කෑම.
2. නා.ප්‍ර. පැණිරස කෑම; අවුල්පත්.

කැවිලිය

1. නා. කුණුරොඩු එකතු කිරීමට ගන්නා උපකරණය; රේක්කය.
2. නා. මද්‍ය වර්ග රැස් කොට තබා ගැනීම සඳහා අඬුවකින් ද කෙමියකින් ද පියනකින් ද යුත් විශාල භාජනයක්; බරණිය; ඔඩම.

කැවුත

1. නා. අක්මාව; යකෘත්මාංශය.
2. නා. හදවත; හෘදයවස්තුව.

කැවුම්

1. නා.ප්‍ර. පිටි හා පැණි මිශ්‍ර කොට පොල් තෙලෙන් බැද ගන්නා රස පූප වර්ගයක්.
2. නා.ප්‍ර. කෑම; ආහාරය; කන දේ.

කැවෙනවා

1. ක්‍රි. වේදනා වෙනවා; රිදෙනවා.
2. ක්‍රි. අනුභව කෙරෙනවා.

කැෂියර්

(පාරිභා.) නා.ප්‍ර. මුදල් ගනුදෙනු ලබන්නා; මුදල් භාරකරු (=cashier).

කැෂේටය

(පාරිභා.) නා. තිත්ත රසැති බෙහෙත් නියමිත ප්‍රමාණයක් ඇතුළු කර තැනූ කෝෂය; කැප්සියුලය; බෙහෙත් කරල.

කැස

1. නා. ඇඳි වතෙහි උඩට නමා ඉනේ ගසා ගන්නා පහළ කොන; පිටපටය; කැහැපට.
2. නා. කිසිල්ල.
3. නා. ළැහැබ; වනය.
4. නා. සුළු දිය; මූත්‍රා ජලය; මූත්‍රය.

කැස කවනවා

ක්‍රි. උත්සාහ කරනවා; තැත් කරනවා; වෑයම් කරනවා.

කැස ගහනවා

ක්‍රි. ඇඳිවතෙහි පහළ කොන ඉණෙහි රඳවනවා හෝ ගසා ගන්නවා.

කැසරෝලය

1. නා. ආහාරයක් ලා පිසීමටත් කෙළින් ම මේසයට යැවීමටත් භාවිත කරන භාජන විශේෂය.
2. නා. කැසරෝලයක පිළියෙල කළ ස්ටුව.

කැස්ටර්සීනි

නා.ප්‍ර. පිටි කළ සුදු සීනි; පිටි සීනි.

කැසිකිළිය

නා. මූත්‍ර කිරීම සඳහා වූ කුටිය.

කැසිටරයිට්

(පාරිභා.) නා.ප්‍ර. දුඹුරු නැතහොත් කළු ඛනිජ වර්ගයක්.

කැසියෝනෝජන්

(පාරිභා.) නා.ප්‍ර. කිරිවලින් සාදා ගන්නා ප්‍රෝටීන් වර්ගයක්.

කැසුප්

නා.ප්‍ර. මුහුදෙහි වසන උරග වර්ගයට අයත් සතෙක්; කැස්බෑවා.

කැහැටු

වි. කෙට්ටු වූ; වැහැරී ගිය; කෘශ වූ.

කැහුලෑ

වි. කෑදර; ගිජු.

කැළි

වි. කළු පැහැති; කාළ වර්ණ.
1. නා.ප්‍ර. අපවිත්‍ර දෙය.
2. නා.ප්‍ර. පාපය.

කැෆේන්

නා.ප්‍ර. තේ හා විශේෂයෙන් කෝපිවල අඩංගු උත්තේජක ක්ෂාරයක්.

කෑ මුඛය

නා. සර්පයකු දෂ්ට කළ තැන; සර්පයකුගේ දළ වැදීමෙන් තුවාල වූ තැන.