සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 474
කිඩ
1. නා.ප්‍ර. සෙල්ලම; ක්‍රීඩාව.
2. නා.ප්‍ර. සිංහල කුලයක නාමය.
නි. ඇතුන් මෙහෙයවීමේ දී දණ බිම ඇනවීම පිණිස භාවිත කෙරෙන වචනය.
කිඩංගුව
(කථා.) නා. ගැඹුරු ජලාශය හෝ ඇළ.
කිඩියර
[කිඩි + කර]
1. නා.ප්‍ර. ක්‍රීඩා කරන්නා; ක්‍රීඩකයා.
2. නා.ප්‍ර. මායාකාරයා.
කිණය
නා. හම යම් කිසිවක ගැටීමෙන් ගොරෝසු වී සෑදෙන ගැටය; කරගැටය.
කිණ්වනය
(පාරිභා.) නා. රා ආදිය පැසවීම (=fermentation).
කිණ්වය
1. නා. රා ආදිය පැසවීම සඳහා යොදන ද්‍රව්‍යය; රා මණ්ඩි.
2. නා. කැටි ගැස්ම සඳහා යොදන ද්‍රව්‍යය.
කිණි
වි. මිලට ගත්; බදු ආදිය ගෙවා නිදහස් කොට ගත්.
කිණිතුලා
නා. ඇතැම් සතුන්ගේ හම මත තුඩින් ඇලී ලෙයින් පෝෂණය වන පරපෝෂිතයෙක්.
කිණිස්ස
1. නා. විශාල භාජනයක ඇති ද්‍රව වර්ග ගැනීමට භාවිත කරන දිග මිටක් සහිත කුඩා උපකරණය; කෙණෙස්ස.
2. නා. අනින ආයුධයක් ; ක්ෂුරිතාව.
කිණිහිරය
නා. කම්මල්කරු රත් කළ යකඩ තබා තැළීමට භාවිත කරන විශාල යකඩ කුට්ටිය; අධිකරණිය.
කිණු
වි. කළුපාට වූ; කාලවර්ණයෙන් යුත්; නිල් පැහැති.
1. නා.ප්‍ර. කළුපාට; කාලවර්ණය.
2. නා.ප්‍ර. කළුවර; අන්ධකාරය.
කිණු මග
1. නා.ප්‍ර. ගින්න.
2. නා.ප්‍ර. අහස.
කිතක
නා.ප්‍ර. ධාතුවකට පර ව යෙදෙන නාම නිෂ්පාදක ප්‍රත්‍යය; කෘදන්තය.
කිත්
1. නා.ප්‍ර. කීර්තිය; ගුණකථාව.
2. නා.ප්‍ර. ක්‍රිස්තුස් වහන්සේ.
කිත්තන්
නා.ප්‍ර. කෙඳි වර්ගයක්; හණ.
කිත්තන්ගේ
(කථා.) නා. රන්, රිදී ආදි බඩු උගස් ගන්නා ස්ථානය; කිට්ටංගිය.
කිත්තා
නා. හත්මුතු පරම්පරාවේ පස්වැන්නා; පනත්තාගේ පියා.
කිතිය
නා. ශරීරයේ කිසිලි ආදි තැන් ස්පර්ශ කිරීමේ දී ඇති වන පොපියනසුලු ගතිය.
කිතු
1. නා.ප්‍ර. ක්‍රිස්තුස් වහන්සේ.
2. නා.ප්‍ර. කීර්තිය.
කිතුගොස
නා. කීර්ති රාවය; යසෝ ඝෝෂාව.
කිතුනු
වි. ක්‍රිස්තියානි; ක්‍රිස්තු භක්තික.
කිතුල්පැණි
නා.ප්‍ර. කිතුල් තෙලිදිය උණු කිරීමෙන් සාදා ගන්නා මධුව; පැණි.
කිතුල්බත්
(කථා.) නා.ප්‍ර. කිතුල් පිටි ලබා ගැනීම සඳහා තළන ලද හෝ කොටන ලද කිතුල් බඩ.
කිතුවස
නා. ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් ආරම්භ වූ වර්ෂය; ක්‍රිස්තු වර්ෂය.