සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 475
කිතුසමය
නා. ක්‍රිස්තු ලබ්ධිය; ක්‍රිස්තියානි ආගමය.
කිදැළ
නා. කුඩා ඇළ; දිය කඩිත්ත; දියවළ.
කින්නර
1. නා.ප්‍ර. අස් මුහුණු හා මිනිස් සිරුරු නැත හොත් මිනිස් මුහුණු හා අස් සිරුරු ඇතැයි කියන සත්ත්ව වර්ගය; දසවැදෑරුම් දේවයෝනි අතුරෙන් එකකි.
2. නා.ප්‍ර. පැරණි තූර්ය භාණ්ඩයක්.
කින්නර පොළිය
1. නා. මිශ්‍ර පොළිය; වැල්පොළිය.
2. නා. අධික පොළිය; ගිනි පොළිය.
කින්නරය
නා. ඇතුන් මෙහෙයවීමට භාවිත කරන කෙළවර කටුවක් සහිත කෙවිට; හෙණ්ඩුව.
කිනිත්ත
නා. කුඩා අත්ත; කුඩා රිකිල්ල; මල් ඉත්ත; කැනැත්ත.
කිනිස්ස
නා. මිටක් සහිත දෙපිට කැපෙන උල් අවිය; කිරිච්චිය; සිරිය.
කිඳ
(කථා.) නා.ප්‍ර. දිය පිරුණු ලොකු වළ; ජලාශය.
කිඳනවා
ක්‍රි. දිය යට යනවා; දියෙහි ගිලෙනවා.
කිඳාබසිනවා
1. ක්‍රි. දිය යට යනවා; දියෙහි ගිලෙනවා.
2. ක්‍රි. එරෙනවා; මඩෙහි ගිලෙනවා.
3. ක්‍රි. රූරා බසිනවා; පොළොව යටට ඇදී යනවා.
4. ක්‍රි. ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.
කිඳි
නා.ප්‍ර. කෙඳි, තන්තු, පට්ටා.
කිඳු
1. නා.ප්‍ර. වැල; මාලාව; රාජිය; ආවලිය; රොද.
2. නා.ප්‍ර. ඡායාව.
3. නා.ප්‍ර. කොළ; පත්‍ර.
4. නා.ප්‍ර. අත්ත; ශාඛාව.
කිඳුර
1. නා. කේන්ද්‍රය; ජන්ම පත්‍රය.
2. නා. ජන්ම පත්‍රයක කේන්ද්‍රස්ථානය.
කිඳුරා
නා. කින්නරයා.
කිඳුරිඳු
නා.ප්‍ර. කිඳුරන්ගේ අධිපතියා; කිනුරිඳු.
කිපෙනවා
ක්‍රි. කෝප වෙනවා; කුපිත වෙනවා; ඇවිස්සෙනවා.
කිබිසි
වි. යටිකුරු; අධෝමුඛ.
කිබිසිනවා
1. ක්‍රි. දිය යට ගිලෙනවා; කිමිදෙනවා.
2. ක්‍රි. කිඹුහුම් අරිනවා; කිවිසිනවා.
කිමි
නා.ප්‍ර. කෘමියා.
කිමිජ
වි. කෘමීන්ගෙන් උපන්; පණුවන්ගෙන් හටගත්.
කිමිදුම් ආමානය
(පාරිභා.) නා. ආහාර පිළියෙල කිරීමේ දී එම ආහාරයෙහි පැවතිය යුතු ද්‍රව මට්ටම පරීක්ෂා කිරීමට භාවිත කරන මානකය (=dip gange).
කිමිදුම් කුටිය
(පාරිභා.) නා. දිය යට වැඩ කිරීමේ දී කම්කරුවන් සමග දියෙහි ගිල්වන කුටිය (=diving bell).
කිමිදෙනවා
ක්‍රි. ජලයෙහි නිමග්න වෙනවා; දිය යට යනවා; ගිලෙනවා.
කිඹුල්
වි. පිඟු පැහැය ඇති; කපිල වර්ණයෙන් යුත්.
නා.ප්‍ර. දුඹුරු පැහැය; පිඟු පැහැය; කපිල වර්ණය.