සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 488
කුද්දාල
නා.ප්‍ර. උදැල්ල.
කුදැටි
නා.ප්‍ර. ගෙයි මුල්ල.
කුදිටු
වි. වැරදි දැකීම් ඇති; සාවද්‍ය දෘෂ්ටි ඇති.
කුදිප්පරන්
(කථා.) නා.ප්‍ර. ගෙන් ගෙට ගොස් කරන කුලී වැඩ; බැලමෙහෙය.
කුදිය
1. නා. කුදු තැනැත්තිය.
2. නා. කුරය හෝ කුරය පිහිටා ඇති ස්ථානය.
3. නා. කකුලේ බල නහරය.
කුදිරකාරයා
නා. අස්ගොව්වා.
කුදිව්
නා.ප්‍ර. කුඩා දිවයින; කුඩා ද්වීපය.
කුදු
1. වි. කුඩා; පුංචි; සුළු. නොවැදගත්; පහත්; නීච.
2. වි. වකගැසුණු; (මඳක්) නැමුණු; වක් වූ; වකුටු.
කුදුත්තරයා
(කථා.) නා. ලෝභියා; මසුරා.
කුදුනි
නා.ප්‍ර. කුඩා දියපාර; ඇළ.
කුදෘෂ්ටිය
නා. වැරදි දැක්ම හෙවත් ලබ්ධිය; මිථ්‍යාදෘෂ්ටිය.
කුන්ඩවාඩය
නා. කුණාටුව; සැඬ සුළඟ.
කුන්තය
නා. දිග මිටක් ඇති දෙපස උල් දෙකකින් යුත් අනුක්රමයෙන් උල් වී ගිය අනින ආයුධයක නාමය.
කුන්තල
නා.ප්‍ර. කෙස්රොද; බඹුරු කෙහෙ; කේශ කලාපය.
කුන්තානිය
නා. පොළොව කෙටීමට හෝ හෑරීමට උපයෝගී කරගන්නා යහුල.
කුන්ථකාමී
(පාරිභා.) වි. කුහුඹුවන් කැමති වන; ශාක හා කුහුඹුවන් අන්‍යෝන්‍ය වශයෙන් කැමති වන (=myrmecophilous).
කුන්ද
නා.ප්‍ර. පිච්ච වර්ගයට අයත් ශාකයක්; වෑ කොඳ.
කුන්දපා
නා.ප්‍ර. හඳ; චන්ද්‍රයා.
කුන්දබන්ධු
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා.
කුන්දු
1. (කථා.) නා.ප්‍ර. තනි කකුලෙන් පැන පැන යෑම; නොණ්ඩිය.
2. නා.ප්‍ර. තනි කකුලෙන් පැන පැන යෑමේ ක්‍රීඩාව; නොණ්ඩි පැනීම.
කුන්නදී
නා.ප්‍ර. කුඩා නදිය; හොය; ඇළ.
කුන්සේදු කරනවා
ක්‍රි. විමසා බලනවා; සාකච්ඡා කරනවා.
කුන්සේදුව
(කථා.) නා. උසාවිය; විනිශ්චය ශාලාව.
කුනීලය
නා. කට කුඩා බඳුනකට කිසියම් දියරයක් වැක්කිරීම සඳහා භාවිත කෙරෙන උපකරණය; පුනීලය.