සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 487
කුණුදිය
1. නා. පැසවූ වණයකින් වෑහෙන ඕජස; සැරව.
2. නා. අපවිත්‍ර ජලය; කුණිජ්ජ.
කුණුමොළ
නා.ප්‍ර. කාණු සෝදාගෙන යන කුණුදිය එකතු වන වළ.
කුණුලෙඩ
නා.බහු. ගොනෝරියාව, උපදංශ වැනි කාමරෝග.
කුණුසකුණු
නා.ප්‍ර. කසළ; අපවිත්‍ර දෑ.
කුණුසරුප
නා. අශිෂ්ට අසභ්‍ය වචන.
කුත්ත
1. නා.ප්‍ර. ක්‍රියාව; කෘත්‍යය; කාර්යය.
2. නා.ප්‍ර. විශාල ඇතිරිලි විශේෂයක්.
කුත්තු කරනවා
1. ක්‍රි. කූරකින් අනිනවා; හිල් කරනවා.
2. ක්‍රි. හාරනවා; බිමපෙරළනවා; පොළොව අවුස්සනවා; (යමකින්) අභිමුඛ කරනවා; ඉදිරිපසට තල්ලු කරනවා
3. ක්‍රි. කුපිත කරනවා; අවුස්සනවා; රහසේ පොලඹනවා.
කුත්තු විළක්කුව
(කථා.) නා. බිම සිටුවා තබන ලොකු පිත්තල පහන.
කුත්තුව
1. (කථා.) නා. මැණිකක තිබෙන පලුද්ද.
2. නා. ගොඩ; සමූහය.
කුත්තූසිය
(කථා.) නා. ගෝනි විද ධාන්‍ය ආදිය එළියට ගැනීම සඳහා භාවිත වන කානුවක් සහිත කටුව.
කුත්සාව
1. නා. අප්‍රියතාව; පිළිකුල.
2. නා. අවලාද; නිග්‍රහය.
කුත්සිත
වි. පිළිකුල් සහගත; නින්දිත වූ; ගර්හිත.
කුතිය
නා. නගරශෝභිනිය; ගණිකාව; වෙසඟන; වේශ්‍යාව.
කුතු
1. නා.ප්‍ර. කුන්තය; කුන්තායුධය; කොතවි; කොතායුධ.
2. නා.ප්‍ර. විහිළු නැටුම; විකට නැටුම.
3. නා.ප්‍ර. කිතිය.
කුතුහලය
1. නා. යම්කිසි අපූර්ව වස්තුවක් දැකීමට හෝ අමුතු දෙයක් දැන ගැනීමට ඇති බලවත් ආශාව; කුහුල.
2. නා. සැකය.
3. නා. අද්භූතබව.
කුථිත
වි. කැකෑරුණු; කැලතුණු; නොසන්සුන් වූ; කැලඹුණා වූ.
කුදගහ ගන්නවා
1. (කථා.) ක්‍රි. අතපය වකගසා ගන්නවා; වකුටු වෙනවා; හැකිළී නිදා ගන්නවා.
2. (කථා.) ක්‍රි. (තර්ජනාත්මක ලෙස) පැත්තකට වී සිටිනවා; නිකම් සිටිනවා.
කුදණ්ඩ
නා. කොට දඬු කඩ; දඬු කැබැල්ල; කෙවිට.
කුදන
නා.ප්‍ර.බහු. නරක මිනිස්සු; අධම පුද්ගලයෝ.
කුදන්කුදු
වි. ඉතා කුඩා; සුළු.
කුදර්පය
(පාරිභා.) නා. අපහාසය; අවඥාව (=contimelia).
කුදලනවා
ක්‍රි. දෑත් දෙපා එක් කොට බඳිනවා.
කුදහ ගන්නවා
(කථා.) ක්‍රි. බිම වැතිරී සිටිනවා; වැතිරී නිදා ගන්නවා.
කුද්දටිය
නා. තුවාල ආදිය හේතු කොටගෙන ඉකිළිය, කිසිලිය ආදි ස්ථානයන්හි ඉදිමී මතුවන ග්‍රන්ථිය නොහොත් ගැටය.