සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 498
කුවින්දයා
නා. රෙදි වියන්නා; පෙහෙකම් කරන්නා.
කුවේර
නා.ප්‍ර. උතුරු දිගට අධිපති දිව්‍යරාජයා; වෛශ්රවණයා.
කුශපත්ර
නා.ප්‍ර. පැරණි ශල්යවිධි චිකිත්සාවෙහි ලේ පිට කිරීම පිණිස පාවිච්චි කරනු ලබන උපකරණ විශේෂයක්.
කුශල
නා.ප්‍ර. දක්ෂ; සමර්ථ.
1. වි. කුසල් වූ; පුණ්‍ය; පින්.
2. වි. කල්‍යාණ.
කුශලක්ෂය
නා. කුසල් හීනවීම, පින් ගෙවී යෑම.
කුශලතා
නා.ප්‍ර. දක්ෂතාව; සමත්බව.
කුශලය
1. නා. කුසල් වූව; පින.
2. නා. දක්ෂභාවය; කෞශල්‍යය
3. නා. නිදොස්බව.
කුශලාකුශල ධර්ම
නා.ප්‍ර. කුසල් සහ අකුසල්; පින් සහ පව්.
කුශලාධ්‍යාශය
නා. කුසල් කිරීමේ අදහස; යහපත් අරමුණ; කුසල් සිත.
කුශලානුභාවය
නා. කුසල් බලය; පින් මහිමය.
කුශාග්‍ර
වි. සියුම්; තියුණු; තීක්ෂ්ණ.
කුශීල
වි. දුශ්ශීල; දුර්ගුණ ඇති; දුරාචාරවත්.
කුශුල
1. නා.ප්‍ර. වී ආදි ධාන්‍ය රැස්කර තබුන තැන; ධාන්‍යාගාරය; වී කොටුව.
2. නා.ප්‍ර. ධාන්‍යාගාරය.
3. නා.ප්‍ර. බොල් වී.
කුෂ්ඨය
නා. (තුන් දොස් කිපීමෙන් හටගන්නා) චර්ම රෝග විශේෂයක්.
කුස
1. නා. බඩ; උදරය; උදර කුහරය; ආමාශය.
2. නා. මාතෘකුක්ෂිය; ගර්භය
3. නා. (යමක) ඇතුළත අභ්‍යන්තරය; කුහරය; කුක්ෂිය.
4. නා. තනය; පියොවුර; පයෝධරය.
5. නා. ප්‍රඥාන; ඥානය.
6. නා. අකුස්ස; අංකුරය; හෙණ්ඩුව.
කුසංනායක
වි. තාපය පහසුවෙන් ගමන් නොකරන; තාප සන්නයනයෙන් අඩු.
කුසඔතු
නා.ප්‍ර. එක ම ගර්භාෂයෙන් උපන් තැනැත්තා; සහෝදරයා.
කුසගින්න
නා. ආහාර අවශ්‍යතාව හේතු කොට ගෙන කුසෙහි ඇති වන දාහය; බඩගින්න; ක්ෂුධාව.
කුසපත
1. නා. සලාකය; සීට්ටුව.
2. නා. උදරය; බඩ.
කුසල කර්මය
නා. පුණ්‍ය ක්‍රියාව; ලෝභාදි පාපධර්මයන් නසන දාන සීලාදි යහපත් ක්‍රියාව.
කුසල චිත්තය
නා. (අභි.) නිරවද්‍ය වූ සුඛ විපාක ලබා දෙන සිත; අලෝභ, අදෝස අමෝහයක් මුල් වීමෙන් පහළ වන සිත.
කුසල ඡන්දය
නා. පින් කිරීමේ ආශාව.
කුසල ධර්මය
නා. ළාමක වූ පාප ධර්මයන් විනාශ කරන ධර්මය; පුණ්‍ය ක්‍රියාව.