සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 499
කුසල මූලය
නා. කුසලයට මූලික හේතුව වන අලෝභ, අදෝස සහ අමෝහ යන ත්‍රිවිධ හේතු.
කුසල විපාකය
නා. පුණ්‍ය ක්‍රියාවෙන් ලැබෙන සැප විපාකය; පින්පලය.
කුසලාන
1. නා. චෂකය; විත; පැන් බඳුන; කෝප්පය.
2. නා. කුසල් පතා මහසඟනට පිදු ඉඩම; විහාරගම.
3. නා. පිඟාන.
4. නා. නෑඹිලිය.
5. නා. ක්‍රීඩා තරඟයකදී ජයග්‍රාහකයන්ට පිරිනමන ලෝහමය බඳුන් විශේෂයක්.
කුස්ටේසියා
(පාරිභා.) නා.ප්‍ර. බොහෝ කොට ජලයෙහි ජීවත්වන ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි සතුන් ඇතුළත් සන්ධිපාදක සත්ත්ව ගණය; ආත්‍රොපෝඩා වංශයේ වර්ග සතරින් එකක් (=crustacea).
කුස්තූර තලය
(පාරිභා.) නා. ඉරිතැළීම් සහිත පාෂාණ ස්තරය (=joint plane).
කුස්තූරය
1. (පාරිභා.) නා. බිත්ති තාප්ප ආදිය බැඳීමේ දී ගල් ගඩොල් එකිනෙක අතර ඇති වන ඉඩ.
2. නා. යම් වස්තු දෙකක් අතර ඇති පටු පරතරය; ඉඩහවුව.
3. නා. හිදස පිරවීමට දමන බදාමය.
4. නා. ආතතිය නිසා පාෂාණයක ඇති වන බිඳීම් හෝ ඉරිතැළීම්.
5. (පාරිභා.) නා. මූට්ටුව; පෑස්ම (=joint).
කුස්සිය
1. (පාරිභා.) නා. ඇතුළු කාමරය.
2. නා. ගෘහයක ආහාර පිසීම සඳහා වෙන්කර ඇති කොටස; මුළුතැන්ගෙය; ගිනිහල් ගෙය.
කුසිම
නා. පුළුන්, රබර්, කොහු වැනි ද්‍රව්‍ය යෙදීමෙන් තනා ගනු ලබන මෙට්ට විශේෂයක්.
කුසී
වි. අලස; කම්මැළි.
කුසීදකයා
නා. අධික පොළියට මුදල් ණයට දෙන්නා; ගිනි පොළීකාරයා.
කුසීද්යය
නා. කම්මැළිකම; අලසබව.
කුසුම
1. නා. මල; පුෂ්පය.
2. නා.ප්‍ර. ගෙඩිය.
කුසුමකේතු
නා.ප්‍ර. අනංගයා.
කුසුමවිය
[කුසුම් + අවිය]
නා. මල් දුන්න ඇති තැනැත්තා; අනංගයා.
කුසුම්කඩ
1. නා.ප්‍ර. හිසෙහි පලඳින මල්දම.
2. නා.ප්‍ර. මල් හී ඇත්තා; අනංගයා.
කුසුම්දල
නා.ප්‍ර. මල් පෙත්ත.
කුසුම්සර
1. නා.ප්‍ර. මල් නමැති ඊතලය.
2. නා.ප්‍ර. මල් හී ඇත්තා; අනංගයා.
කුසුමාගමයා
නා. වසන්ත කාලය.
කුසුමාඤ්ජන
නා.ප්‍ර. පිත්තලවල බැඳෙන නිල් පාට මල.
කුසුමාසව
1. නා.ප්‍ර. මල් පැණි; මධු.
2. නා.ප්‍ර. මල්වලින් හෝ මී පැණියෙන් සෑදෙන සුරාව.
කුසුමෝදර
කුහකයා
1. නා. තමා තුළ නැති ගුණ ඇති සේ හඟවන තැනැත්තා.
2. නා. අනුන් යහපත නොරුස්නා තැනැත්තා; ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා.
කුහන
නා.ප්‍ර. ලාභ සත්කාර සඳහා නැති ගුණ පෙන්වීමෙන් අනුන් විස්මයට පත් කිරීම.
කුහරනය
(පාරිභා.) නා. ඝන වස්තුවක් ද්‍රවයක ගමන් කරන විට ඒ වස්තුවේ පසු පසත් ද්‍රව්‍යයත් අතර කුහරයක් සෑදීම (=cavitation).