සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 497
කුලාවය
(පාරිභා.) නා. පිස්ටනය ගමන් කරන කුටීරය; සිලින්ඩරය (=cylinder).
කුලැන්දුම
(කථා.) නා. කුල සලකුණ; තමා අයත් කුලය අනුන්ට හඳුන්වා දීම සඳහා පලඳින සලකුණ.
කුලෑටි
වි. නුපුරුදු; නුහුරු; කෝඩු; ලජ්ජාශීලී.
කුලික
වි. කුලයට හෙවත් වංශයට අයත් වූ.
කුලිඞ්ග කුලය
නා. ශ්‍රී මහ බෝධි පූජාවට මල් සැපයූ පුරාණ කුලය.
කුලිච්චම
නා. මෙට්ටය; ගුදිරිය.
කුලිප්පරම්
(කථා.) නා.ප්‍ර. බැළමෙහෙය; කුලී වැඩ; වාල්වැඩ.
කුලිය
1. නා. අනියම් පදනමක් මත කරන සේවයක් සඳහා (කම්කරු ආදින්ට) ගෙවන ගාස්තුව; දෛනික වැටුප් මිල; බැළය.
2. නා. (අන්සතු ගෙවල් ආදිය) පාවිච්චිය වෙනුවෙන් ගෙවන මුදල්; ගාස්තුව.
කුලිස්
1. නා.ප්‍ර. දියමන්තිය; වජ්‍රය.
2. නා.ප්‍ර. දියමන්ති ආයුධය.
කුලී සින්නක්කරය
(පාරිභා.) නා. ගිවිසගත් පරිදි කිසියම් භාණ්ඩයක වටිනාකම වාරික මගින් ගෙවූ පසු ගැනුම්කරුට එම භාණ්ඩයේ අයිතිය හිමිවීම; ණයට භාණ්ඩ විකිණීමේ ක්‍රමය (=hire purchase).
කුලීකරණය
(පාරිභා.) නා. කුලියට ගෙන සිටීම; බදු ගෙන සිටීම; බදුකරය (=tenancy).
කුලීන
වි. උසස් කුලයට අයත්; කුලවත්; වංශවත්.
කුලීර
නා.ප්‍ර. කකුළුවා.
කුලීරමාව
(පාරිභා.) නා. ශරීරයේ පටක තුළ විප්රකෘති සෛල ඇති වී ඒවා අක්‍රමවත් ලෙස හා අසීමිත ලෙස ගුණනය වීමෙන් හටගන්නා පිළිකා රෝගයක් (=carcinoma).
කුලු ගහනවා
ක්‍රි. කමතෙහි වී ගොඩ ගසා කුල්ලෙන් පවන් සලා වීවල රොඩු ඉවත් කරනවා; බැත පාහිනවා.
කුලු පත්තා
වි. උණ, බට, වේවැල් ආදියෙන් කුලු, වට්ටි ආදිය සාදන්නා; නළකාරයා.
කුලුණු
වි. අනුකම්පා සහගත; කරුණාවන්ත.
කුලුන
නා. ලොකු කණුව; ස්තම්භය; ටැඹ.
කුලුඳුල
1. නා. වියළි ද්‍රව්‍ය මැනීමේ පැරණි මිම්මක්; පලම් දෙකක නොහොත් අබ ඇට ලක්ෂයක ප්‍රමාණයක බර.
2. නා. ද්‍රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත හෝ පත.
කුලුඳුල්
1. වි. කුලයක (පවුලක) දරුවන් අතරින් අතරින් පළමුවෙන් ඉපදුණු; වැඩිමහල්.
2. වි. ප්‍රථම; පළමු.
කුලුපග
වි. සමීප සම්බන්ධකම් ඇති; හිතවත් වූ
කුලෝපච්ඡේදය
නා. හඬ; නාදය.
කුවර්ධන
(පාරිභා.) නා. (ශරීරය) මඳ වශයෙන් වැඩීම හෙවත් වැඩීම බාල වීම; ඌන වර්ධනය (=maldevelopment).
කුවලය
නා.ප්‍ර. ජලජ පුෂ්ප විශේෂයක්; නිලුපුල්, නිල් මහනෙල්.
කුවිතන්සිය
නා. මුදල් හෝ බඩු බාහිරාදියක් බාරගත් බව හෝ බාරදුන් බව සඳහන් කර නිකුත් කරන ලියවිල්ල; ලදුපත; රිසිට්පත.