සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 496
කුලභ්රෂ්ට
වි. කුලයෙන් ගිලිහුණු; පහත් කුලයට ගිය; කුලය වනසන
කුලමානය
නා. කුලය නිසා ඇති කරගන්නා අහංකාරය; තමන් අන් අයට වඩා උසස් කුලයක ඉපදී ඇතැයි සිතා සිතෙහි ඇති කර ගන්නා ආඩම්බරය.
කුලය
1. නා. වංශය; ගෝත්‍රය; ජාතිය; පරම්පරාව.
2. නා. පවුල; කුටුම්භය; ගේ
3. නා. සමූහය; කණ්ඩායම; ගණය; පන්තිය.
4. නා. (ජාතිය හෝ ගෝත්‍රය මුල් කරගෙන කරන) අපහාසය; නින්දාව.
කුලවත්
වි. වංශවත්; උසස් කුලයකට අයත්; කුලීන
කුලවධු
නා.ප්‍ර. කුල ස්ත්‍රීය; කුල කාන්තාව.
කුලවන්නම
නා. ක්‍රිස්තු භක්තිය වැලඳ ගැනීමේ දී ලබන නාමය.
කුලවමිය
නා. කුල කාන්තාව.
කුලවාදය
1. නා. කුලභේදය පිළිබඳ මතය; වර්ණ ධර්මය; කුල ධර්මය.
2. නා. කුලය මතක් කර කරනු ලබන අපහාස කථාව.
කුලසිට
නා.ප්‍ර. උසස් කුලය නිසා සිටු තනතුරු ලැබූ තැනැත්තා; වංශාධිපතිවරයා.
කුලසුර
නා.ප්‍ර. කුල දේවතාවා.
කුල්
1. නා.ප්‍ර. ප්‍රීතිය; ප්‍රමෝදය.
2. නා.ප්‍ර. කූටය.
කුල්නවා
ක්‍රි. නාද දෙනවා; රැව් දෙනවා; ප්‍රීති නාද පවත්වනවා.
කුල්පාව
(පාරිභා.) නා. හිතා මතා කරන වරද; දෝෂය; වරද (=culpa).
කුල්මත්
වි. සතුටින් මත් වූ; ඉතිරී ගිය ප්‍රීති වේගය ඇති; ප්‍රීතියෙන් උද්දාම වූ.
නා. උතුරා ගිය ප්‍රීතිය; ප්‍රීතියෙන් වන උද්දාමය.
කුල්ල
නා. ධාන්‍යාදිය පොළා ගැනීම පිණිස බට, වේවැල් යොදා ගෙන තැනූ උපකරණය.
නා.ප්‍ර. හුණ බම්බු ආදිය එකට තබා බැඳ තනා ගන්නා පහුරු හෝ යාත්‍රා විශේෂයක්.
කුල්ය
වි. කුලයෙහි වූ; කුලයට අයත්; කුලය හා සම්බන්ධ.
කුල්යය
නා. වපසරිය දක්වන මිණුම් ප්‍රමාණය; ද්‍රෝණ අට.
කුලාචාර
1. නා.ප්‍ර. කුලයට අයත් සිරිත්; උතුම් පැවැත්ම.
2. නා.ප්‍ර. හින්දු තන්ත්‍රවල දක්නට ලැබෙන සප්තවිධ ආචාර වලින් එකක්.
කුලාදර
(කථා.) නා.ප්‍ර. ගොවියා; කෘෂකයා.
කුලාභිමානය
නා. කුලය කෙරෙහි පැවති ගෞරවය.
කුලාම්බිකාව
නා. වංශවත් ස්ත්‍රිය.
කුලාල
නා.ප්‍ර. කුම්භකාරයා; වළං සාදන්නා.
කුලාල චක්‍රය
නා. කුඹල් සක පෝරුව.
කුලාව ආණිය
(පාරිභා.) නා. යන්ත්‍ර නළයක් (සිලින්ඩරයක්) තුළ ඉහළ පහළ යන වටකුරු තහඩුව; පිස්ටනය; ප්‍රේෂකය (=piston).