සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 712

තපශ්ශෝභා

නා.ප්‍ර. තාපසයකු කෙරෙහි දක්නට ඇති තේජස; තවුස්බව නිසා ඇති බැබළීම.

තපස

1. නා. තැවීම; තාපය; උෂ්ණය.
2. නා. කෙලෙස් තැවීම; ආත්ම ක්ලමථය.
3. නා. (යෝග දර්ශනයෙහි) යෝග සිද්ධියට උපාය වන ක්‍රියා තුනෙන් පළමු වැන්න (යෝග දර්ශනයෙහි) ඉඳුරන්ට වසඟ නොවී, ශීත උෂ්ණාදියෙන් වන පීඩා ඉවසීම.
4. නා. ලග්නයෙන් නව වැනි ස්ථානය.

තපස් කරනවා

ක්‍රි. කෙලෙස් තැවීම සඳහා ව්‍රත සමාදානයෙහි යෙදෙනවා; තවුස් දම් රකිනවා.

තපස් සෙයියාව

නා. කාම සම්භෝගයෙන් වෙන් ව විසීම.

තපස්වි

නා.ප්‍ර. තවුස්කම් කරන්නා; තාපසයා.

තපස්විනී

නා.ප්‍ර. තවුස්දම් රකින ස්ත්‍රිය.

තපස්‍ය

නා.ප්‍ර. පෙබරවාරි මාර්තු යන දෙමස අතර යෙදෙන නවම් මාසය.

තපස්‍යාව

නා. කෙලෙස් තැවීම සඳහා ශරීරයට පීඩා පැමිණවීම; ආත්මක්ලමථය.

තප්

1. නා.ප්‍ර. තාපය; උෂ්ණය.
2. නා.ප්‍ර. ගොනුන්ගේ හඬතැළීම; තප්පුලෑම.

තප්ත

1. වි. රත් වූ; ගිනියම් වූ; උණු වූ.
2. වි. දිය සිඳුණු; වියළුණු; දැවුණු.
3. වි. කැකෑරුණු.
4. වි. පෙළුණු; තැවුණු; පීඩිත.

තප්ත කරනවා

1. ක්‍රි. රත් කරනවා; තෙම්පරාදු කරනවා.
2. ක්‍රි. දිය සින්දනවා; වියළනවා.

තප්තකාඤ්චන

නා.ප්‍ර. උණු කිරීමෙන් පිරිසිදු කරන ලද රන්; රත්රන්.

තප්තපානීය

නා.ප්‍ර. උණු වතුර; උණුපැන්.

තප්තඵාල

නා.ප්‍ර. රත් කළ නඟුල් තලය; ගිනියම් කල හී වැල.

තප්න

නා.ප්‍ර. කෙලෙසුන් තැවීම; තපස.

තප්පදෝරු

(කථා.) වි. තරබාරු මිටි සිරුරෙන් යුක්ත; උසින් අඩු සහ මහතින් වැඩි.

තප්පන

නා.ප්‍ර. තැවීම; තාපනය.

තප්පුව

නා. රබානක් වැනි කුඩා වාද්‍ය භාණ්ඩයක්; කුඩා එකැස් බෙර විශේෂයක්.

තප්පෝණ

වි. ඒ දෙසට නැමුණු; ඒ කෙරෙහි යොමු වුණා වූ.

තප්වත

නා. (ක්‍රිස්ති.) සිදු වූ පාපය ගැන පසුතැවිලි වීමේ පැවැත්ම; පශ්චාත්තාප ව්‍රතය.

තපාත්‍යය

නා.ප්‍ර. ග්‍රීෂ්මය පහවීම; වැසිකාලය.

තපිනවා

1. ක්‍රි. අවු ගිනි ආදියේ උණුසුම විදිනවා; තාපයෙන් සිරුර උණුසුම් කරගන්නවා.
2. ක්‍රි. තැවී තැවී ඉන්නවා; පීඩාවට පත් ව සිටිනවා; කනස්සල්ලෙන් කාලය ගෙවනවා.

තපුල්ලනවා

ක්‍රි. ගොනුන් හඬ තළනවා, හෙවත් නගනවා.

තපෝ

වි. තපස් රැකීමෙන් උපදවා ගත්ත තපස පිළිබඳ වූ; තපසට අයත්.
නා.ප්‍ර. කෙලෙස් තැවීම; ආගමික ව්‍රත සමාදානය.