සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 711
තනියා
(කථා.) නා. රැළෙන් වෙන් ව තනි ව වසන අලියා.
තනිස්
(කථා.) නා.ප්‍ර. කන්‍යා දූෂණය; බලෙන් කරනු ලබන ස්ත්‍රී දූෂණය.
තනිස් කරනවා
ක්‍රි. කන්‍යාව දූෂ්‍ය කරනවා; බලාත්කාරයෙන් ස්ත්‍රියක සමග අනාචාරයේ හැසිරෙනවා.
තනිසෙල
(පාරිභා.) නා. තනි ගලෙන් සාදන ලද ටැඹ හෝ කණුව; නෙළන ලද පිළිමය; නෙළන ලද තනි ගල් නිර්මාණය (=monolith).
තනු
1. වි. තුනී; සිහින්.
2. වි. ශක්තිහීන; අබල.
1. නා.ප්‍ර. කුඩා දෙය.
2. නා.ප්‍ර. ක්ලේශයන්ගේ ශිථිල අවස්ථාව.
3. නා.ප්‍ර. ශරීරය.
4. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක ලග්නස්ථාන හෙවත් පළමු රාශි; තනුස්ථාන.
5. නා.ප්‍ර. හම්.
6. (සංගී.) නා.ප්‍ර. ගීත රාගවල ස්වර මාලා; නාදරටා; තාල.
තනුක
1. (පාරිභා.) වි. උකු නොවූ; දියාරු; ද්‍රවයක ප්‍රමාණය වැඩි; වතුරෙහි දිය කරන ලද (=gracilis).
2. වි. ජලය මිශ්‍ර වූ; දියාරු; (=dilute).
තනුක අම්ලය
(පාරිභා.) නා. දියාරු අම්ලය (=dilute acid).
තනුක ද්‍රාවණය
නා. උකු නොවූ දියාරු ද්‍රාවණය.
තනුකය
1. (සත්ව.) නා. කළවේ මාංශ පේශියක්.
2. නා. යමක් ලිහිල් බවට හරවන දෙය; ද්‍රාවක ප්‍රමාණය වැඩි කරන දෙය.
තනුකරණය
1. නා. තුනී කිරීම; යටපත් කිරීම; ශක්ති හීන කිරීම.
2.(පාරිභා.) නා. ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීම; වතුර මිශ්‍ර කිරීමාදියෙන් ද්‍රවයක ශක්තිය අඩු කිරීම; බාල කිරීම (=dilution).
තනුපට
1. (පාරිභා.) නා. මිනිස් සිරුරෙහි උර කුහරය හා උදර කුහරය අතර ඇති පටලය; ප්‍රාචීරය.
2. නා. තුනී පටලය; දුරකථන සම්ප්‍රේක්ෂකය තුළ ඇති තුනී පටල කොටස (=diaphragm).
තනුප්රභාව
නා. ශරීරයෙන් නික්මෙන පැහැය; සිරුරින් විහිදෙන ආලෝකය.
තනුපාදිකාව
නා. (සත්ව.) කවචයන්ට (ක්රුස්ටසෙයාවන්ට) විශේෂ වූ ද්විශාඛ ගාත්‍රය.
තනුභාවය
නා. තුනීබව; ලිහිල්කම.
තනුව
නා. නාද රටාව; ගීත රාගයක ස්වරමාලාව.
තනුසම්පත්
නා.ප්‍ර. සම්පත්තියක් සේ සැලකෙන ශරීර ශෝභාව; රූ සොබාව නැමැති සම්පත.
තප
1. නා. තාපය; දාහය; උෂ්ණය; රස්නය.
2. නා. කෙලෙස් තැවීම නිමිති කොට දුෂ්කර ව්‍රතයෙහි යෙදීම; තාපස චර්යාව; ව්‍රතය; තපස.
3. නා. දුක; පීඩාව; හිරිහැරය; සන්තාපය.
4. නා. පොසොන්, ඇසළ යන දෙමස අයත් ඍතුව; ශ්රීෂ්ම ඍතුව.
තපඃ චිත්තය
නා. වරදක් සිදුවූ විට එය සිහිකොට පිරිසිදුවීමේ සිත; ප්‍රායශ්චිත්තය.
තපචරිය
නා. තපස් රැකීම.
තපන
1. නා.ප්‍ර. තාපය; ග්‍රීෂ්මය; උෂ්ණය.
2. නා.ප්‍ර. සූර්යයා.
3. නා.ප්‍ර. සූර්යකාන්ත මාණික්‍යය; රිවිකැන්මිණ.
4. නා.ප්‍ර. ග්‍රීෂ්ම කාලය.
5. නා.ප්‍ර. දුක; පීඩාව; තැවුල; සන්තාපය.
6. නා.ප්‍ර. අපායක නාමය; අටමහ නරකයෙන් එකක්.
වි. තැවිය යුතු; දැවිය යුතු.
තපනකර
නා.ප්‍ර. සූර්යයා.
තපනිශ්‍රිත
වි. කෙලෙස් තවන ව්රතයන්හි නියුක්ත; තපස ඇසුරු කළ; තපස් ක්‍රියාවෙහි නියැලුණු; තවුස්දම් රකින.
තපනීය
1. වි. තැවිය යුතු; තැවීමට හේතු වූ; උණු කළ හැකි.
2. වි. බබළන, දිලිසෙන.
1. නා. රත්රන්; රන්.
2. නා. රිදී.
3. නා. ඇල් වී.
තපශ්චර්යාව
නා. කෙලෙස් තැවීම සඳහා යෙදෙන හැසිරීම; තපස් රැකීම; තාපසව්රතය.