සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 76
අධිසීලසික්ඛාව
නා. අධිශීලයෙහි හික්මීම; ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙහි හික්මීම.
අධීක්ෂණය
නා. මෙහෙයවීම; පාලනය කිරීම; පරීක්ෂා කිරීම.
අධීත
1. වි. හදාරන ලද; අධ්‍යයනය කරන ලද; උගත්.
2. වි. ප්‍රකාශිත; කථිත.
අධීන
වි. වසඟයට පැමිණි; යටත්; අයත්.
අධීනයා
නා. (යමකුගේ) වසඟයෙහි සිටින්නා; යටත් පුද්ගලයා.
අධීශ
වි. ප්‍රධාන; අග්‍ර; අධිපති.
නා.ප්‍ර. අධිපතියා; ස්වාමියා.
අධීශ්වර
වි. අධිපති; අධීශ.
අධෛර්යය
නා. උත්සාහයෙන් තොර බව; ධෛර්යය නැතිකම.
අධෝ අන්ත්රය
නා. මහ බඩවැලෙහි ගුදයට සම්බන්ධ වූ කොටස; ගුද මාර්ගය.
අධෝ බලය
නා. පහළට තෙරපීමේ බලය.
අධෝ බින්දුව
(පාරිභා.) නා. පොළොව මතුපිට සිටින්නකුගේ පාදයට කෙළින් පොළොවේ අනෙක් පැත්තෙහි වූ අහසේ මුදුන; ශිරෝ බින්දුවට විෂ්කම්භාභිමුඛ ව පිහිටි ඛගෝලයේ ලක්ෂ්‍යය (=nadir).
අධෝ භාවය
නා. පහත්බව; නීචභාවය.
අධෝ භුවනය
නා. පාතාලය; නාගලෝකය.
අධෝ මාර්ගය
නා. ගුදය; මල මාර්ගය.
අධෝ මුඛය
නා. ආහාර මාර්ගයේ කෙළවර; මල මාර්ගය; ගුදය.
අධෝ ලම්බය
නා. පහතට වැටෙන සෘජු රේඛාව; ලම්බකය.
අධෝ ලිපිය
නා. පොතක පිටුවක හෝ ලේඛනයක හෝ යටින් දක්වන විශේෂ සටහන; පාඨාන්තරය.
අධෝ වායුව
නා. ආහාර මාර්ගයේ යටි අතට ගමන් කොට අධෝ මාර්ගයෙන් පිටවන වාතය; අපාන වාතය.
අධෝ විරේචනය
නා. මල ආදිය අධෝමාර්ගයෙන් නිකුත් කරවීම; බඩ විරේක කිරීම.
අධෝ හනුව
නා. පෘෂ්ඨවංශීන්ගේ යටි හක්ක; යටි හනුව.
අධෝගත
වි. පහතට ගිය; පහළට බැස්සූ.
අධෝගතයා
නා. නාරක, ප්‍රේත හෝ තීර්යක් යන පහත් භවයකට පැමිණි තැනැත්තා; අපාගත සත්ත්වයා.
අධෝගමනය
නා. පහතට යෑම හෝ බැසීම.
අධෝගලිත
වි. පහතට වැටෙන; එල්බෙන.