සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 75
අධිරාජයා
නා. ප්‍රධාන රජ; අගරජ; ප්‍රදේශ හෝ රටවල් බහු සංඛ්‍යාවක රජ.
අධිරාජ්‍යය
නා. එක පාලකයකු නොහොත් පාලන බල මණ්ඩලයක් යටතේ පවතින රටවල් නොහොත් රාජ්‍ය සමූහයක්; අග්‍ර රාජ්‍යය.
අධිරාජ්‍යවාදය
නා. රාජ්‍යයක බලය සහ බලපෑම දේශපාලන සම්බාධක හෝ යුද්ධ බලය මගින් ව්‍යාප්ත කිරීමේ රාජ්‍ය තන්ත්රය.
අධිරික්තය
(පාරිභා.) නා. අතිශයින් වාත ශුන්‍ය වූ ස්ථානය (=high vacuum).
අධිරූඪ
වි. අධිපතිව නැඟී සිටි; පිටට නැඟුණු; ආරෝහණය කළ.
අධිරෝපණය
1. (පාරිභා.) නා. අනෙක් සතකුගේ ශරීර කුහරයක් තුළ අවයවයක් හෝ අවයව කොටසක් වගා කිරීම.
2. නා. කෙනෙකුගේ සිතට යම් මතයක්, අදහසක් ඇතුළු කිරීම.
අධිරෝහණිය
නා. ඉණිමඟ; සෝපානය; පඩිපෙළ.
අධිවචනය
1. නා. අභිධානය.
2. නා. පර්යාය ශබ්දය.
අධිවර
වි. ඉතා උතුම්; ප්‍රධාන.
අධිවසනය
නා. වාසය කිරීම; පදිංචිව සිටීම.
අධිවාසනය
1. නා. ඉවසීම; විඳදරා ගැනීම.
2. නා. දැරීම; ඉසිලීම.
3. නා. විරුද්ධ නොවී නිසොල්මන්ව සිටීමෙන් එකඟ වීම; බාර ගැනීම; පිළිගැනීම; ඉවසීම.
4. නා. සුවඳ විලවුන් ගැල්වීම; සුවඳ කැවීම.
අධිවෘක්ක ග්‍රන්ථිය
(පාරිභා.) නා. උසස් පෘෂ්ඨවංශීන්ගේ වෘක්කය අසල තිබෙන අන්තරාසර්ග අවයවයක්; උපරිවෘක්ක ග්‍රන්ථිය (=adrenal gland).
අධිවේගී මාර්ගය
නා. දීර්ඝ හා නිශ්චිත ගමනාන්ත සඳහා නගර යා කරමින් දිවෙන ප්‍රධාන මාර්ගය.
අධිවේදනය
නා. භාර්යාව සිටිය දී ම තවත් ස්ත්‍රියක පාවා ගැනීම; බහු භාර්යාභාවය.
අධිශ්රයණ
1. නා.ප්‍ර. ළිප උඩ තැබීම; උණු කිරීම; පිසීම.
2. නා.ප්‍ර. උදුන.
අධිශික්ෂා
නා.ප්‍ර. උසස් ශීලය; එම ශීලයෙහි හික්මීම.
අධිශීතකරණය
නා. යම්කිසි ද්‍රවයක් ඝනීභවනය නොවන සේ එහෙත් හිමාංකය ඉක්මවා ශීත කිරීම (=super cooling).
අධිශීලය
1. (පාරිභා.) නා. ප්රාතිමෝක්ෂ සංවර ශීලය; මාර්ගඵල සම්ප්‍රයුක්ත වූ ප්රාතිමෝක්ෂ සංවර සීලය.
2. නා. උපසම්පදා සීලය.
අධිශෝෂණය
(පාරිභා.) නා. ද්‍රව්‍යයක් මතුපිට තුනී තට්ටු වශයෙන් වායු හෝ ද්‍රව හෝ ද්‍රාවණ හෝ ඝනීභවනය වීම (=adsorption).
අධිශෝෂිතය
(පාරිභා.) නා. අධිශෝෂණය වන වායුව හෝ ද්‍රවය හෝ ද්‍රාවණය (=adsorbate).
අධිෂ්ඨාන පවාරණය
නා. (විනය.) සෙසු පවාරණ විනය කර්ම කිරීමට තරම් භික්ෂූන් නැති කල්හි එක් භික්ෂුවක් පමණක් වී නම් ඒ භික්ෂුව විසින් කරන පවාරණ විනය කර්මය; ඉටන් පවුරුණ; පුද්ගල පවාරණය.
අධිෂ්ඨානය
1. නා. (මතුයෙහි) පිහිටීම; පිහිටා සිටීමට ආධාරය; මූලාධාරය; පාදකය; පදනම.
2. නා. පාලනය; ආධිපත්‍යය; බලය.
3. නා. දැඩි ලෙස යමක් සිතා ගැන්ම; යමක් ස්ථිර ලෙස සිතෙහි පිහිටුවා ගැනීම; අචල සමාදානය.
4. නා. "මෙය මෙසේ වේවා," යි අභිඥා නුවණින් ඉටා ගැනීම; ඍද්ධි බලපෑමක් සඳහා අභිඥා නුවණින් ඉටා ගැන්ම.
අධිෂ්ඨිත
1. වි. අධිපතිව සිටි; පාලනය කරන ලද; සෙවුනා ලද; අරක් ගත්.
2. වි. ඉටාගත්; අධිෂ්ඨාන කළ.
අධිසංවේදිතාව
(පාරිභා.) නා. අධික සංවේදී බව; ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියා පෙන්වීමට ඇති හැකියාව (=hypersensitivities).