සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 909
නැයින
නා. ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ සහෝදරිය; නෑනා.
නැයිනි
1. නා. සැපින්න.
2. නා. ජලය බැස යන දොරටුව.
නැරඹීම
නා. බැලීම.
නැල්
නා.ප්‍ර. බටය; නළය.
නැලැල්ල
නා. (කථා.) ගඟේ හෝ මුහුදේ පෑදුණු විශාල වැලිතලාව.
නැව
නා. මුහුදු යාත්‍රා විශේෂයක්; නෞකාව; කප්පර; සම්බාන; සුලුප්පුව.
නැවඩ
(කථා.) වි. කැපී පෙනෙන උස මහත ශරීරයක් ඇති; උස් මහත් වූ.
නැවතුම් පහන
(පාරිභා.) නා. මෝටර් රථයක් නවත්වා තබන බව හැඟවීම පිණිස දල්වන විදුලි බුබුල (=stop light).
නැවතුම්පළ
නා. නවතින ස්ථානය; නතර වන තැන; නවාතැන.
නැවතුම්රෝධකය
(පාරිභා.) නා. වාහනයක් නැවැත්වීමට උපයෝගී කරගන්නා යාන්ත්‍රික උපකරණය; අත්රෝධකය; අත්තිරිංගය.
නැවහිස
නා. නැව් තට්ටුව; නෞකාවේ මතුපිට; නෞකා ශීර්ෂය.
නැව් ඇපය
(පාරිභා.) නා. නැව් ගමනාගමනයේ දී නැවෙහි ආරක්ෂාව සඳහා නැව් හිමියාට දෙන ඇප මුදල (=bottomry).
නැව් තටාකය
නා. නැව්වලට බඩු පැටවීම, ඉන් පසු ගොඩ බෑම, නැව් අලුත්වැඩියා කිරීමාදිය සඳහා වරායේ ඇති විශේෂ ස්ථානය.
නැව් තණ්ඩලේ
නා. කුඩා ජල යාත්‍රාවල නියමුවා.
නැව් තරුව
නා. දීප්තිමත් තාරකාවක්; නැවියන්ට උතුරු දෙස දැන ගැනීමට උපකාර වන ධ්රැව තාරකාව.
නැව් තලය
නා. නැවේ පතුල් තට්ටුව; නැව් පත්ල.
නැව් තහනම
නා. විදේශීය නැවකට වරායකට ඇතුළු වීම හෝ ඉන් පිට වීම හෝ තහනම් කෙරෙන නියෝගය.
නැව් නඟිනවා
1. ක්‍රි. නැවෙන් යනවා; පිටරට යනවා; විදේශගත වෙනවා.
2. ක්‍රි. නැවට ගොඩවෙනවා.
නැව් ලිත
නා. නැවියන්ට අවශ්‍ය තොරතුරු සංග්‍රහ කළ ලිත; නාවිකයන්ගේ ලිත.
නැව් හඟුල
නා. විශාල ඔරු දෙකක් එකට යාකර ඉදි කෙරෙන අඟුල.
නැව්කුලී ගිවිසුම
නා. බඩු ගෙන යෑම සඳහා නැවක් කුලියට ගැනීමේ ගිවිසුම; නෞභාර ගිවිසුම.
නැව්තොට
නා. නැව් නතර කර තබන මුහුදු විල් හෝ ගංතොට; වරාය.
නැව්පති
නා.ප්‍ර. නැවේ ප්‍රධානයා; නැවේ නියමුවා.
නැව්බඩු බැඳුම්කරය
නා. නැවක ප්‍රවාහනය කරනු ලබන බඩු සඳහා වූ ණයකරය.