සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 910
නැවැණි
[නැව් + ඇණි]
නා.ප්‍ර. නැව් සමූහය; නැව් හමුදාව; නෞකා සේනාංකය.
නැවෑමියා
1. නා. කරනැවෑමියා; දැළි රැවුල් කපන්නා; නභාපිතයා.
2. නා. ලෝහ කර්මාන්තකරුවා; කඹුරා.
3. නා. ගල් වඩුවා.
නැවියා
1. නා. නැවෙහි සේවයෙහි නියුක්තයා; නැවෙහි කටයුතු කරන්නා; නාවිකයා.
2. නා. නැවෙහි ප්‍රධානයා; නැව පදවන්නා; කපිත්තා; නියමුවා.
3. නා. නායකයා; ප්‍රධානයා; පුරෝගාමියා.
නැවුම්
වි. අලුත්; නව; නවමු.
නැවුම් ගඳ
නා. නවමු සුවඳ; වියැලුණු පොළොවට හෝ අලුත් මැටි බඳුනකට වතුර වැටීමෙන් පසු නැඟෙන සුවඳ.
නැස්පෙන
වි. පැළ නොවන; අංකුර හට නොගන්නා.
නැසින්න
නා. ජලය බැසයන දොරටුව; සොරොව්ව; දිය දොරටුව.
නැහැ
1. වි. දැළි රැවුල් කපන; කරනැවෑමි.
2. වි. ගල්වන ලද; තැවරූ.
1. නා.ප්‍ර. නහය; නාසිකාව.
2. නා.ප්‍ර. බල්ලා; සුනඛයා.
3. නා.ප්‍ර. නෑයා; ඥාතියා.
නැහැදිච්ච
වි. යහපත් ගතිගුණ හා ආචාර ධර්මයන්ගෙන් තොර; අශිෂ්ට; අශීලාචාර; හැදියාවක් නැති.
නැහැපට
නා.ප්‍ර. ගව ආදි සතුන්ගේ නාසය විද දමන ලණුව; නාස්ලණුව.
නැහැපුටය
නා. නාස් සිදුර; නාසිකාඡිද්රය; නැහැඛිල.
නැහැපුලනවා
(කථා.) ක්‍රි. නාසයෙන් පිඹිනවා; ගවයාගේ කිඹිහීම සම්බන්ධයෙන් යෙදේ.
නැහැබු
වි. ඉතා තරුණ.
නැහැය
නා. නහය; නාසිකාව.
නැහැරුම්
1. නා.ප්‍ර. පිළිකුල් දෙය.
2. නා.ප්‍ර. නව නාට්‍ය රසවලින් එකක්; බීභත්ස රසය.
නැහැවියා
නා. දැළි රැවුල් කපන්නා; කරනැවෑමියා; නහාපිතයා.
නැහැවුම
1. (පාරිභා.) නා. නෑවීම; ධෝවනය.
2. නා. නාන බඳුන.
නැහැසුම
නා. පරීක්ෂා කිරීම; උර ගෑම.
නැහැසුම් තලය
(පාරිභා.) නා. විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීමේ දී උපයෝගී කර ගන්නා උපකරණයක්.
නැළවිලි
1. වි. හඬන දරුවන් සනසවන ස්වභාවයෙන් යුත්; කුඩා දරුවන්ගෙ සිත සතන් සනසවන්නා වූ.
2. වි. රැවටිලිකාර; චාටු; පොලඹනවා.
නැළි
1. නා.ප්‍ර. ධාන්‍ය, ද්‍රව්‍ය හෝ ද්‍රව මනින මිම්මක්; පත හතරක මනා දෙකක ප්‍රමාණය; කුරුණියෙන් හතරෙන් පංගුව; අවුන්ස තිස්දෙකක ප්‍රමාණය.
2. නා.ප්‍ර. නළය; කොපුව.
3. නා.ප්‍ර. පොල්; නෙරළු.
නැළි වහන
නා. කෙණ්ඩා දක්වා පය වැසෙන සේ තැනූ වහන; පිට පතුල වැසෙන සේ සැදූ පා වහන; සපත්තුව.
නෑ පෙළවාසිය
1. නා. ඥාතිත්වයෙන් ඇතිවන විවාහ මංගල්‍යය.
2. නා. නෑයකුගේ විවාහය.
නෑකම
1. නා. ඥාතිත්වය; බන්ධුත්වය.
2. නා. වර්ගී සම්බන්ධය.