සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 908
නැන්දණිය
1. නා. පියාගේ සහෝදරිය; නැන්දම්මා; නැන්දා.
2. නා. බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව; නැන්දම්මා.
නැන්දා
1. නා.රජක කුලයේ තලතුනා ස්ත්‍රිය.
2. නා. නැන්දණිය.
නැප්කිනය
1. නා. ඉඳුල්කඩ; අත් පිස්නා කඩ.
2. නා. ළදරුවන්ගේ මලමූත්‍ර රැඳී සිටිනු පිණිස අන්දවන රෙදි කැබැල්ල.
නැප්චුන්
නා. සෞරග්‍රහ මණ්ඩලයේ අටවැනි ග්‍රහයා.
නැප්තලින්
(පාරිභා.) නා.ප්‍ර. කෘමි නාශකයක්; කපුරු බෝල; තාර කපුරු.
නැපිය
(පාරිභා.) නා. (භූගෝ.) දරුණු පෘථිවි චලනයක ප්‍රතිඵලයක් වශයෙන් සැදුණු උලැඟි ස්කන්ධ තල්ලු වීම නිසා ඇති වූ විශාල කඳු රැලිය (=nappe).
නැබ
1. නා. නාභිය; පෙකණිය.
2. නා. රථ චක්රයක මධ්‍ය ලක්ෂණය.
නැබ නළය
නා. මව් කුසෙහි වැඩෙන ළදරුවාගේ පෙකණිය සහ මවගේ වැදෑමස සම්බන්ධ කරන නාලය; පෙකණිවැල.
නැබ මඬල
1. නා. රථ චක්රයක හෝ චක්‍රකාර ව බඳනා ලද මකුළු දැලක මධ්‍ය ලක්ෂ්‍යය; නාභිමණ්ඩලය.
2. නා. පෙකණි පෙදෙස.
නැබල
වි. මහත්; විශාල; ශක්තිමත්; ප්‍රබල
නැම්ම
1. නා. නැම්ම; හැකිළීම; (ඇඳුමක රැළිගැන්වීමෙන් සකස් කරන) පටි නැම්ම.
2. (පාරිභා.) නා. භූචලනය නිසා පෘථිවි පෘෂ්ඨයේ ඇති වන නැම්ම; උඩුනැම්ම හෝ යටිනැම්ම.
3. (කථා.) නා. වරක්; සැරයක්.
නැමි
1. වි. පහතට බර වූ; නැමුණු.
2. වි. ඇද; වක්.
3. වි. යොමු වූ; නම්නවූ.
නැමි ඔපනැල්ල
නා. ඇඳුමක් කුඩා කර ගැනීම අවශ්‍ය වූ විට, වැඩි කොටස යටට නමා මසන ඔපනැලි වෙසෙසක්.
නැමි කන්ද
(පාරිභා.) නා. භූචලන නිසා උඩට නෙරා නැමී ගිය පාෂාණ ස්තරවලින් සැදුණු කන්ද (=fold mountain).
නැමි කලම්පය
(පාරිභා.) නා. උපකරණ කොටස් එකට අල්ලා තැබීමට හෝ සවි කිරීමට හෝ උපයෝගී කරගන්නා ආධාරකයක් (=bent clamp).
නැමි තට්ටු
(පාරිභා.) නා.ප්‍ර. රැළි ආකාරයෙන් පිහිටි පස් තට්ටු.
නැමි පනාව
නා. යුරෝපීය පාලන කාලය තුළ දී කොණ්ඩා බැඳි පහතරට පිරිමින් හිස් පලඳනාවක් වශයෙන් භාවිත කළ අර්ධ කවාකාර කැස්බෑ ලෙලිවලින් තැනූ පනා විශේෂයක්.
නැමි පිහිය
(පාරිභා.) නා. ශල්‍යක්‍රම සඳහා භාවිත කරන ශල්‍ය උපකරණයක්.
නැමි බෑවුම
(පාරිභා.) නා. පාෂාණ ස්තරවල සිදුවන ඇදවීම් හෙවත් රැළි ගැසීම්වල කෝණය (=pitch of fold).
නැමිවරණ
(පාරිභා.) නා.ප්‍ර. ඇඳුම් රැළි ගැසීම වළක්වන්න; රැළි වාරකය.
නැමුම් යන්ත්‍රය
(පාරිභා.) නා. මුද්‍රිත පත්‍ර නැමීම සඳහා මුද්රණාලයවල භාවිත කරන යන්ත්‍ර විශේෂයක් (=bending machine).
නැමෙනවා
1. ක්‍රි. ('නමනවා' යන්නෙහි නිරුත්සාහක රූපය) නැඹුරු වෙනවා; නම්න වෙනවා; යොමු වෙනවා.
2. ක්‍රි. අවනත වෙනවා; යටත්බවට පත් වෙනවා.
නැඹුරු
1. වි. නැමුණු; ඇලවුණු; පැත්තට බර වූ.
2. වි. පහත් වුණු; එල්ලා වැටුණු; නෙරා ගිය.
නැඹුරුව
නා. පැත්තකට බර; ප්‍රවණතාව.