සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 907
නැණග
නැණපතර
නා. පැතුරුණු නුවණ; ඥාන සම්භාරය; ඥාන සමුදාය.
නැණපහස
නා. නුවණින් ලබන ප්රත්යක්ෂ අවබෝධය.
නැණබඳ
වි. නුවණ හා බැඳුණ; නැණවත්; නුවණැති.
නැණලු
නැණවතා
නා. නුවණ ඇති තැනැත්තා; ඥානවන්තයා.
නැණසක්
නා.ප්‍ර. නුවණ නමැති ඇස; ප්‍රඥා චක්ෂූස.
නැණසර
නා.ප්‍ර. නුවණැත්තා; ඥානවන්තයා; ප්‍රාඥයා.
වි. ඉතා නුවණ ඇති; ඉතා නැණවත්; ප්‍රාඥ වූ; නුවණින් සාර වූ.
නැණසුන්
වි. ඥාන ශුන්‍ය වූ; නුවණ නැති; අනුවණ; නුවණින් හිස් වූ.
නැණැති
නැණැස
නැතක්
[නැත් + අක්]
වි. අනන්ත; අප්‍රමාණ; පමණ නැති; කෙළවරක් නැති; බොහෝ.
නැතකින්
ක්‍රි.වි. ඉක්මනින්; වහා; කඩිනමින්; යුහුසුලුව.
නැත්ත
නා. නොපවත්නා දෙය; බොරුව; ඇත්තට පටහැනි දෙය.
නැති වෙනවා
ක්‍රි. අභාවයට යනවා; අයිතියෙන් ගිලිහෙනවා; නොපෙනී යනවා.
නැතිබැරිකම
නා. අගහිඟකම; දිළිඳුකම; දරිද්‍රතාව; දුගීබව.
නැතිභංග කර දමනවා
ක්‍රි. මුළුමනින් ම විනාශ කර දමනවා; නැත්තට ම නැති කර දමනවා; සුනුවිසුනු කර දමනවා.
නැතිවාදම
(කථා.) නා. නැතිකම ගැන නිතර පැවසීම; හැමවිට ම තමාගේ අගහිඟකම් ගැන කථා කිරීම.
නැතුර
[න + අතුර]
1. වි. අතරක් නැති; නිරතුරු
2. වි. අනතුරක් රහිත; අන්තරායෙන් තොර; විපතින් මිදී.
නැදය
නා. නාදය; හඬ; ධ්වනිය.
නැදවටය
නා. දකුණට කරකැවුණු රේඛා ලක්ෂණය; නන්ද්‍යාවර්තය; බුදුන්වහන්සේගේ ශ්‍රී පතුලෙහි පිහිටි මංගල ලක්ෂණයක්.
නැදි
නා.ප්‍ර. නැන්දා; පියාගේ සහෝදරිය.
නැදිමයිල්
නා.ප්‍ර. බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව්පිය දෙදෙනා; නැන්දා සහ මාමා.
නැදුන්
නා.ප්‍ර. තද අරටුවක් හා සිත්කලු වෛරමක් සහිත දැව වර්ගයක්.