සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 906
නැකතියා
1. නා. නක්ෂත්රය දන්නා තැනැත්තා; දෛවඥයා; ජ්යෝතිශ්ශාස්ත්රඥයා.
2. නා. නැකති කුලයට අයත් තැනැත්තා.
නැගටිව්
(පාරිභා.) නා.ප්ර. විද්යුත් පරිපථයක ඍණ ධාරාව; කැමරා සේයාරූ ඡායාගත වී නොපිටට පෙනෙන රූපය (=negative).
නැගණි
නා.ප්ර. කනිෂ්ඨ සහෝදරිය; නංගී; නඟා.
නැගි උරුව
නා. ළදරුවන්ගේ නාසය ආශ්වාස ප්රශ්වාස නොවන පරිදි ඇහිරීම; නාසිකාවරෝධය.
නැගිටිනවා
1. ක්රි. සිට ගන්නවා; නැඟී සිටිනවා.
2. ක්රි. අවදිවෙනවා; නින්දෙන් පිබිදෙනවා.
3. (කථා.) ක්රි. දියුණු වෙනවා; සමෘද්ධියට පත් වෙනවා.
නැගිවන්
වි. වඩා උසස්; වඩා සමර්ථ; ඉහළට ගිය.
නැගී එනවා
1. ක්රි. (සටනට) ආවේගයෙන් ඉදිරිපත් වෙනවා; රැහැණි ව ඉදිරියට එනවා.
2. ක්රි. පිටත් ව එනවා.
3. ක්රි. ධනය, බලය, අධ්යාපනය ආදි අංශයකින් ක්රමයෙන් දියුණු වෙනවා; අශ්වාදින්ගේ පිට නැගී හෝ වාහනවල නැඟී පිටත් ව යනවා.
නැගී යනවා
1. ක්රි. පිටත් ව යනවා; පලා යනවා; පැන යනවා.
2. ක්රි. අශ්වාදීන් පිට නැගී හෝ වාහනවල නැගී පිටත් ව යනවා.
නැගී සිටිනවා
1. ක්රි. රෝගාබාධ, දරිද්රතා ආදි දුඃඛිත තත්ත්ව නැති වීමෙන් නැඟිටිනවා.
2. ක්රි. නැඟිට සිටගන්නවා.
3. ක්රි. විරුද්ධ ව ඉදිරිපත් වෙනවා.
4. ක්රි. මතු ව පෙනෙනවා; (යම්කිසි තලයකින්) උඩට උස් ව තිබෙනවා.
නැගුම
1. නා. පහත් ප්රදේශයක සිට උස් ප්රදේශයක් කරා නැගි මට්ටමෙහි පවතින බෑවුමේ ප්රමාණය.
2. නා. දියුණුව; වර්ධනය.
3. නා. යමක් මතට නැගීම.
නැගෙනහිර
නා. ඉර පායන දිශාව; පෙරදිග; පූර්ව දිශාව.
නැඟෙනහිර ගිනිකොන
(පාරිභා.) නා. ගිනිකොනටත් නැඟෙනහිරටත් අතර අනු දිශාව (=east south east).
නැඟෙනහිර-ඊසාන
(පාරිභා.) නා.ප්ර. ඊසානටත් නැඟෙනහිරටත් අතර අනුදිශාව (=east north east).
නැට්ට
1. නා. නටුව.
2. (කථා.) නා. සිවුපා සතුන්ගේ වලිගය.
නැට්ටුක්කාරයා
1. නා. නර්තනයෙහි යෙදෙන තැනැත්තා; නැටුම් නටන්නා; නැට්ටුවා.
2. (කථා.) නා. චණ්ඩාල කුලිකයා; හුලවාලියා.
නැට්ටුක්කාරි
1. නා. නර්තනයෙහි යෙදෙන තැනැත්තී; නැටුම් නටන්නී.
2. නා. චණ්ඩාල ස්ත්රිය; සැඩොලිය.
නැට්ටුවා
නා. නර්තනයෙහි යෙදෙන්නා; නැට්ටුක්කාරයා; නටන්නා.
නැටිත්ත
1. (පාරිභා.) (උද්භි.) නා. උඩවැඩියා මලක පරාග, තුණ්ඩිකයට හා කරන නානු සහිත කෙඳිවලින් සැදුණු නටුව (=caudick).
2. නා. වමාරා කන සතුන්ගේ දෙවැනි ආමාශය; ධෘතිකය (=retinaculum).
නැටිය
නා. කොළ, මල්, ගෙඩි ආදිය ගසේ අත්තට සම්බන්ධ වන හීන් දණ්ඩ; නටුව; වෘන්තය.
නැටීම
1. නා. නැටුම් පැවැත්වීම; රංගනය.
2. නා. රත් වීමෙන් දිය පැසීම.
3. (කථා.) නා. අසංවර හැසිරීම; නැටිල්ල.
නැඩ
වි. උස මහත ඇති; හොඳින් හැදුණු වැඩුණු; විශාල.
නැඩයා
නා. උස මහත ශරීරයක් ඇත්තා.
නැඩුඹ
නා. ආයුර්වේදයේ දැක්වෙන මිනුම් ප්රමාණයක්; නැළිය; පත හතර; පලං දහසය.
නැණ
නා.ප්ර. නුවණ; ඥානය.