සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 953

නිෂේධ බලය

(පාරිභා.) නා. වැළැක්වීමට ඇති බලය; බාධා කිරීමේ බලය; තහනම් බලය (=veto).

නිෂේධකය

නා. (රසා.) රසායනික ප්‍රතික්‍රියාවක් බාල කරන නැතහොත් වළක්වන ද්‍රව්‍යයක්; වැළැක්වීම; තහනම; තහනම් නියමය.

නිෂේධනය

නා. වැළැක්වීම; බාධා කිරීම; තහනම.

නිෂේධය

1. නා. වැළැකීම; බාධා කිරීම; ප්‍රතිෂේධය; තහනම.
2. නා. මොළයේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චලනාදියේ දරුණු බව වළක්වා පාලනය කිරීම.

නිෂේධාර්ථය

[නිෂේධ + අර්ථය]
නා. විරුද්ධාර්ථය; ප්‍රතිෂේධාර්ථය.

නිෂේධිත

වි. වළක්වන ලද; තහනම් කරන ලද.

නිස

1. නා. උපසම්පදාව ලත් හිමිනමක් ආචාර්යවරයකු ඇසුරෙහි වසන පස් වසරක කාලය.
2. නා. එසේ සමාදන්ව විසීම.
3. නා. පිහිට; උදවුව.
4. නා. ප්‍රතිරාවය; නින්නාදය.
වි. නිරන්තර; නිත්‍ය.

නිස ගන්නවා

ක්‍රි. (විනය.) අන්තේවාසික භික්ෂූන් ආචාර්යවරයන් ආශ්‍රයෙන් නිස බණ දහම් ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳ නිසවත් ලබා ගන්නවා; නිසවත් සමාදන් වෙනවා.

නිස දෙනවා

ක්‍රි. (විනය.) නිස බණ දහම් උගන්වනවා.

නිසකත

නා. රාත්‍රිය නමැති ස්ත්‍රිය; නිශා කාන්තාව.

නිසග

වි. උපතින් ඇති වුණු; සහජ.

නිසග අගය

(පාරිභා.) නා. කිසියම් සංඛ්‍යාවක ඇති ස්වභාවික අගය; අඩු-වැඩි නොකැරුණු, වෙනස් නොකැරුණු අගය; සහජ අගය.

නිසග ගුණය

නා. ස්වාභාවික ගුණය; ස්වභාවයෙන් ම පිහිටි ගුණය.

නිසග දීප්තිය

(පාරිභා.) නා. කිසියම් වස්තුවක ඇති ස්වභාවික දීප්තිය.

නිසග බර

(පාරිභා.) නා. වස්තුවක හෝ වායුවක හෝ ඇති ස්වාභාවික බර.

නිසග ශක්තිය

(පාරිභා.) නා. නිජ ශක්තිය; ද්‍රව්‍යමය පද්ධතියක තිබෙන ශක්තිය (=intrinsic energy).

නිසගය

නා. ස්වාභාවය; ඇතිසැටිය; නිසර්ගය.

නිසඟල

(පාරිභා.) වි. සඟල නොවූ; දෙකට නොබෙදුණු; ද්විත්ව නොවූ.

නිසද

වි. ශබ්ද රහිත.

නිසදනවා

ක්‍රි. අත් හරිනවා; හැරලනවා; පරිත්‍යාග කරනවා.

නිසදමස

නා. තට්ටම් ප්‍රදේශයට අයත් මාංසය; තට්ටම.

නිසන

නා.ප්‍ර. මුලාව; මෝහය.

නිසන්

නා.ප්‍ර. සමීපය; අබියස; ආසන්නය; ළඟ.

නිසන්න

වි. සංඥා නොමැති; සිහි නැති; විසංඥ.

නිසන්සල

වි. නොසෙල්වෙන; නොසැලෙන; නිසොල්මන්; නිශ්චල